සැලසුම් අංශය


දැක්ම

"දිවයිනේ විශිෂ්ටතම අධ්‍යාපන කලාපය."

මෙහෙවර

"අධ්‍යාපන කාර්ය මණ්ඩලයන්හි රැකියා තෘප්තිය වර්ධනය කර ඵලදායි කාර්යක්ෂම සේවාවක් තුළින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක්."

Branch Head

 ආර්. ඩබ්. එම්. එන්. පී. අනුර කුමාර රත්නායක මයා

MEd (Development Psychology), M.Com, B.Com SP(Hons), PGDE(Distinction), Higher Dip. in Ed.Mgt(Merit), Dip in IT, SLEAS-1
නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්)

සැලසුම් අංශය

අධ්‍යාපන කලාපයට අයත් පාසල් හා අනිකුත් අධ්‍යාපන ආයතනවල මානව හා භෞතික සම්පත් පිළිබඳ සංඛ්‍යාත්මක විස්තර හා තොරතුරු පවත්වා ගනිමින් අවශ්‍ය පරිදි භාවිතා කිරීම, බෙදා හැරීම, විශ්ලේෂණය වැනි කාර්යයන් සිදු කෙරෙන්නේ සැලසුම් අංශයෙනි.අධ්‍යාපන සංවර්ධන පාසල් පරිපාලන කාර්යය මෙන්ම කලාප අධ්‍යාපන කාර්යාලයීය පරිපාලනයට සම්බන්ධ ක්‍රියාකාරී සැලසුම් හා ඇස්තමේන්තු සකස් කිරීම මෙම ශාඛාවේ ප්‍රධාන වගකීම වේ. කලාපයේ මූල්‍යාධාර ව්‍යාපෘති , අධ්‍යාපන පර්යේෂණ කාර්යය සම්බන්ධීකරණය සඳහා දායක වීම ද සැලසුම් අංශයේ කාර්යභාර්ය අතර වේ.

ජාතික පාසල්
1AB පාසල්
එකතුව: 6
ගම්පහ කොට්ඨාසය 3
අත්තනගල්ල කොට්ඨාසය 2
දොම්පේ කොට්ඨාසය 1
1C පාසල්
එකතුව: 1
ගම්පහ කොට්ඨාසය -
අත්තනගල්ල කොට්ඨාසය -
දොම්පේ කොට්ඨාසය 1
පළාත් සභා පාසල්
1AB පාසල්
එකතුව: 19
ගම්පහ 09
අත්තනගල්ල 06
දොම්පේ 04
1C පාසල්
එකතුව: 27
ගම්පහ 05
අත්තනගල්ල 11
දොම්පේ 11
2 වර්ගය
එකතුව: 49
ගම්පහ 18
අත්තනගල්ල 16
දොම්පේ 15
3 වර්ගය
එකතුව: 49
ගම්පහ 15
අත්තනගල්ල 17
දොම්පේ 17
මුළු පළාත් සභා පාසල් සංඛ්‍යාව
සමස්ත එකතුව: 144
ගම්පහ කොට්ඨාසය
47
අත්තනගල්ල කොට්ඨාසය
50
දොම්පේ කොට්ඨාසය
47

කාර්යය භාර්යය හා වගකීම

  • කලාපයේ පුනරාවර්තන සැලැස්ම සැකසිම සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග කටයුතු කිරීම
  • මාණ්ඩලික නිළධාරීන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් සංවිධානය
  • ව්‍යුහ කමිටු රැස්වීම් සංවිධානය
  • විදුහල්පති රැස්වීම් සංවිධානය
  • විදුහල්පති හා ගුරු තොරතුරු යාවත්කාලීන කිරීම
  • පාසල්වල පස්අවුරුදු හා වාර්ෂික ක්‍රියාත්මක කිරිමේ සැලසුම් නියාමනය
  • ගුරු තුලනය
  • දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන් කලාප සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම
  • පාසල් සංගණන කටයුතු නියාමනය
  • විභාග ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම
  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාලව; අංශ සමඟ සම්බන්ධීකරණ කටයුතු
  • පාසල් නගාසිටුවීමේ වැඩසටහනට අදාල කටයුතු නියාමනය
  • පාසල් සදහා ව්‍යාපෘති සැකසිම හා නියාමනය
  • වාර්ෂික අයවැය ඇස්තමේන්තු සදහා නිර්දේශ හා අනුමැතිය ලබාදීම
  • පාසල් සංවර්ධන කමිටු, කළමණාකරණ කමිටු, ප්‍රසම්පාදන කමිටු හා තාක්ෂණික හා ඇගයීම් කමිටු පත්කිරීම නියාමනය
  • පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් සදහා මුදල් පාසල් වෙත ලබා දිම
  • ගුණාත්මක යෙදවුම් මුදල් පාසල් වෙත ලබාදීම
  • උසස් මට්ටමේ ව්‍යාපෘති සදහා ප්‍රතිපාදන පාසල් වෙත ලබාදීම
  • අදාල මුළ්‍ය චක්‍රලේඛ පිළිබඳව විදුහල්පතිවරු සහ නිලධාරීන් දැනුවත් කිරීම.
  • පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන සඳහා මගපෙන්විම
  • පාසල් අධීක්ෂණ කටයුතු
  • පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය හා වෙනත් ආයතන ඉල්ලා සිටින තොරතුරු ලබාදීම
  • ශ්‍රී.අ.ප.සේ , ශ්‍රී.වි.සේවයේ නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම.
  • පාසල් ඩෙස්පුටු අවශ්‍යතා ගණනය කිරීම
  • ගොඩනැගිලි හා සනිපාරක්ෂක පහසුකම් ගණනය කිරීම
  • පාසල්වල පරිගණක හා අනෙකුත් උපකරණ අවශ්‍යතා ගණනය කිරීම
  • ගොඩනැගිලි කඩා ඉවත්කිරිමට අදාල නිර්දේශ ලබා දීම
  • අළුතෙන් ඉදිකිරීම් සඳහා නිර්දේශ ලබා දීම
  • කලාප දත්ත කළමණාකරු ලෙස කටයුතු කිරීම
  • කලාප/කොට්ඨාස/ පාසල් දත්ත නිලධාරින් පත් කිරීම/ පුහුණු අවශ්‍යතා ලබා දීම.
  • දේශීය ව්‍යාපෘතිවල ප්‍රගතිය නියාමනය කිරීම
  • විවිධ මාර්ගවලින් ලැබෙන ව්‍යාපෘති නිර්දේශ කිරීම
  • ලෝකබැංකු පුනරාවර්තන ව්‍යාපෘතිවලට අදාලව සකස් කරන ලද පිරික්සුම් ලැයිස්තු නියාමනය
  • විදේශාධාර ව්‍යාපෘති යටතේ පාසල්වලට අවශ්‍ය භෞතික සම්පත් පිළිබද තොරතුරු රැස්කිරිම
  • කලාපයේ පුනරාවර්තන සැලැස්මේ ප්‍රගතිය පළාත් කාර්යාලයට මාසිකව වාර්තා කිරීම
  • කලාපයේ ESDFP check list එකට අදාල තොරතුරු අංශ වලින් ලබා ගැනිම
  • විශේෂ ව්‍යාපෘති නියාමනය කිරිම
  • අදාල විගණන විමර්ශන සදහා තොරතුරු සැපයීම
  • උපදේශක කාරක සභා තොරතුරු පවත්වාගෙන යාම
  • දත්ත පද්දති පවත්වා ගෙන යාම

බී.ඒ.එන්.එස්. ප්‍රේමරත්න මිය (BA)

සංවර්ධන නිළධාරී සැල 04
දුරකථන අංකය:- 071-1443050
රාජකාරී පැවරීම
  • අධ්‍යක්ෂවරුන්ගේ හා කලාපයේ පුනරාවර්තන සැලැස්ම පිළිබඳ කටයුතු සහ පළාතේ කලාප/පාසල් පස් අවුරුදු සැලසුම හා වාර්ෂිකව ක්‍රියාත්මක පුනවරාවර්තන සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරීම සදහා නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්)ගේ උපදෙස් පරිදි කටයුතු කිරීම. http://edudept.wp.gov.lk/ වෙබ් අඩවිය යාවත් කාලීන කිරීම හා සම්බන්ධීකරණ කටයුතු
  • කලාපයේ පුනරාවර්තන සැලැස්මේ ප්‍රගතිය සංවර්ධන අංශයෙන් ලබාගෙන පළාත් කාර්යාලයට අවශ්‍ය අවස්ථාවලදී වාර්තා කිරීම.
  • සැලසුම් අධ්‍යක්ෂතුමාගේ බලධාරිත්වය යටතේ ක්‍රියාත්මක කරන පුහුණු වැඩසටහන් සදහා අවශ්‍ය ලිපි කටයුතු හා සම්බන්ධීකරණ කටයුතු වැඩමුඵ පැවැත්වීමේදී හා පියවීමේ දී කටයුතු ඉටු කිරීම
  • කලාප කාර්යාලය මඟින් සංවිධානය හා මෙහෙයවිම් සිදුකරන පුනරාවර්තන හා වෙනත් ප්‍රතිපාදන මඟින් සැලසුම් කරන ව්‍යාපෘති, රැස්වීම්, පුහුණු වැඩ සටහන් හා වෙනත් ක්‍රියාකාරකම් සදහා සෘජුවම සම්බන්ධීකරණ කටයුතු හා පසු කටයුතු ඉටු කිරීම
  • පාසල් මගින් යෝජනා ඉදිරිපත් කරන අතිරේක ගුණාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබදව සියඵම කාර්යාලීය කටයුතු
  • ඒකාබද්ධ අරමුදල්, පළාත් සභා අරමුදල්, රාජ්‍ය අංශ හා වෙනත් අංශ වලින් ලැබෙන මුල්‍ය ප්‍රතිපාදන වලින් මෙහෙයවන ගුණාත්මක සංවර්ධන වැඩමුඵ, වැඩසටහන් සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
  • පාසල් වල උසස් මට්ටමේ ව්‍යාපෘති සදහා ප්‍රතිපාදන ලබාදීමේ කටයුතු හා පරීක්ෂා කර අනුමැතියට ඉදිරිපත් කිරීම
  • පාසල්වල පස් අවුරුදු හා වාර්ෂික සැලසුම් පරීක්ෂා කිරීම. අනුමැතියට ඉදිරිපත් කිරීම හා ගොනු කිරීම
  • ලෝක බැංකු පුනරාවර්තන ව්‍යාපෘතිවලට අදාලව පිරික්සුම් ලැයිස්තුව සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම.
  • GEMP යටතේ පාසල් පාදක ව්‍යාපෘති/ කලාපයේ පුහුණු වැඩසටහන් සදහා ලබාදෙන ප්‍රතිපාදන සම්බන්ධ කටයුතු, ගොනු ගත කිරීම හා ප්‍රගතිය ලබා ගැනීම.
  • මාණ්ඩලික නිළධාරීන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ප්‍රගති නියාමනය සදහා අවශ්‍ය කටයුතු හා ව්‍යාපෘති සංශෝධන සම්බන්ධ කටයුතු
  • තම රාජකාරී වලට අදාල සියලුම පරිගණක කටයුතු සහ ලේඛන කටයුතු
  • පාසල් නඟා සිටුවීමේ වැඩසටහන හා ඊට අදාල කටයුතු
  • කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ/නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සැලසුම් විසින් පවරන වෙනත් අදාල රාජකාරී කටයුතු ඉටු කිරීම.

සෙව්වන්දි යටවර මිය (BA)

සංවර්ධන නිලධාරි සැල 02
දුරකථන අංකය:- 0717299412
රාජකාරී පැවරීම
  • පාසල් වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම පිළිබදව පාසල් දැනුවත් කිරීම, ගෙන්වා ගැනීම, එම ඇස්තමේන්තු පරීක්ෂා කිරීම, අනුමැතියට නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යැවීම හා ගොනු කටයුතු සිදු කිරීම.
  • පාසල් සංවර්ධන කමිටු, පාසල් කළමණාකරණ කමිටු, පාසල් ප්‍රසම්පාදන කමිටු හා තාක්ෂණික ඇගයීම් කම්ටු පාසල් වලින් ලබා ගෙන පරීක්ෂාකර බලා අනුමැතියට යොමු කිරීම හා ගොනු කිරීම. ඉහත දත්තවලට අදාලව මැදිරිය සකස් කිරීම. ( ප්‍රස්තාර, ඩාට් සටහන්, ප්‍රදර්ශන පුවරු ආදිය පිළියෙල කිරීම)
  • ව්‍යුහ කමිටුවට අදාල රාජකාරී කටයුතු (පාසල් නම් කිරීම, නම් වෙනස් කිරීම, ඒකාබද්ධ කිරීම, වැසීම, සමාන්තර පන්ති අඩු/වැඩි කිරීම, නව අංශ ඇති කිරීම, විෂය ධාරාවන් ඇරඹීම, දුෂ්කර පාසල් හදුනාගැනීම, වර්ගීකරණය හා විචාරවත් කිරීම ආදී රාජකාරී කටයුතු)
  • කලාප සංවර්ධන කමිටු රැස්වීම් සංවිධානය කිරීම්, සම්බන්ධීකරණ කටයුතු හා වාර්තා තබා ගැනීම.
  • විදුහල්පති රැස්වීම සංවිධානය කිරීම, සම්බන්ධීකරණ කටයුතු, ගෙවීම් කටයුතු වලට අදාල ලේඛන සැකසීම, පාසල් දැනුවත් කිරීම, අංශ වලින් දැනුවත් කිරීම ලබා ගැනීම හා පරිගණක ගත කර පාසල් වෙත බෙදා හැරීමට අදාල කටයුතු සිදු කිරීම හා රැස්වීම් වාර්තාව සකස් කිරීම
  • කලාපයේ මාණ්ඩලික නිළධාරී රැස්වීම සංවිධානය කිරීම, සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම, වාර්තා සකස් කිරීම හා ගොනු නඩත්තු කිරීම
  • පාසල් නාම පුවරු, සමරු ඵලක පිළිබද අවශ්‍ය අනුමත කරවා ගැනීම, පාසල් සමග සම්බන්ධීකරණ කටයුතු හා පසු කටයුතු ප්‍රගති වාර්තා ලබා ගැනීම හා ගොනු නඩත්තුව
  • අධ්‍යාපනික තොරතුරු ඇතුලත් විවිධ ප්‍රකාශන පල කිරීම හා ඊට අදාල විවිධ රාජකාරීන්
  • සභා න්‍යාය පත්‍රයට ඇතුලත් කරන ගැටඵ සදහා පිළිතුරු සැකසීම
  • තම විෂයට අදාලව විගණන විමසුම් සදහා පිලිතුරු සකස් කර නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා වෙත යොමු කිරිම
  • තොරතුරු දැනගැනීමේ පනත යටතේ අංශය වෙත යොමු කරන ගැටඵ සදහා අවශ්‍ය තොරතුරු සකස් කිරීම
  • සැලසුම් අංශයේ අන්තර් ජාල පහසුකම් පිලිබද සම්බන්ධීකරණ කටයුතු
  • සැලසුම් අංශයේ චක්‍ර ලේඛ ගොනු, පූර්වාදර්ශ ලිපි ගොනු යාවත්කාලීන කිරීම
  • තම රාජකාරී වලට අදාල සියලුම පරිගණක කටයුතු සහ ලේඛන කටයුතු
  • කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ/නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සැලසුම් විසින් පවරන වෙනත් අදාල රාජකාරී කටයුතු ඉටු කිරීම.

ඉන්දිකා ශ්‍යාමලී පෙරේරා මෙය (BA)

සංවර්ධන නිළධාරී සැල 01
දුරකථන අංකය:- 076-3605570
රාජකාරී පැවරීම
  • කලාපයේ පුනරාවර්තන සැලැස්ම පිළිබඳ කටයුතු සහ පළාතේ කලාප/පාසල් පස් අවුරුදු සැලසුම හා වාර්ෂිකව ක්‍රියාත්මක පුනවරාවර්තන සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරීම සදහා නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්)ගේ උපදෙස් පරිදි කටයුතු කිරීම. http://edudept.wp.gov.lk/ වෙබ් අඩවිය යාවත් කාලීන කිරීම හා සම්බන්ධීකරණ කටයුතු
  • කලාපයේ පුනරාවර්තන සැලැස්මේ ප්‍රගතිය සංවර්ධන අංශයෙන් ලබාගෙන පළාත් කාර්යාලයට අවශ්‍ය අවස්ථාවලදී වාර්තා කිරීම.
  • ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය සම්බන්ධ සියඵම කටයුතු, ගොනු පත්වාගෙන යාම, තොරතුරු එක්රැස්කීරීම
  • සනීපාරක්ෂක වැඩසටහනට අදාල සියලු කටයුතු
  • කලාප මට්ටමේ මධ්‍ය කාලීන හා විමධ්‍යගත ආයෝජන ප්‍රාග්ධන සැලසුම් සකස් කිරීම. (ආයතන හා මූල්‍ය සම්පත් ගණනය කර ඒ ආශ්‍රිත තොරතුරු ලබා ගැනීම හා බෙදා හැරීම හා අවශ්‍ය ගණනය කිරීම)
  • කලාපය තුල ක්‍රියාත්මක වන මධ්‍ය කාලීන ව්‍යාපෘති වල ප්‍රගතිය පාලනය හා විවිධ ව්‍යාපෘති පිළිබදව තොරතුරු රැස්කිරීම.
  • ඉහළ අධිකාරීන් හා දේශපාලන අධිකාරීන් වෙත යැවිය යුතු වාර්තා සැකසිම හා ඉදිරිපත් කිරීම.
  • විදේශාධාර ව්‍යාපෘති හා ජාතික මට්ටමේ ව්‍යාපෘති යටතේ පාසැල්වලට අවශ්‍ය භෞතික සම්පත් පිළිබද තොරතුරු රැස්කිරීම
  • භෞතික සම්පත් පිළිබදව තොරතුරු රැස්කිරීම.
  • ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබද තොරතුරු රැස් කිරිම, පවත්වාගෙන යාම, අදාල ආයතන වෙත ඉදිරිපත් කිරීම.
  • ප්‍රජා පාදක ගිවිසුම් සම්බන්ධ කටයුතු සිදු කිරිම, ගොනු පවත්වාගෙන යාම
  • පාසල්වලට අදාලව සිදු කෙරෙන තක්සේරු වාර්තා සම්බන්ධ තොරතුරු පවත්වාගෙන යාම හා ගොනු යාවත්කාලීන කිරිම
  • ජනපති ජනහමු ගැටඵ සම්බන්ධ තොරතුරු පවත්වාගෙන යාම
  • කඩා ඉවත් කිරීම් හා අඩක් නිමකල ගොඩනැගිලි පිළිබද තොරතුරු රැස් කිරීම, වාර්තා පිළියෙල කිරීම
  • ව්‍යාපෘති ප්‍රගතිය ව්‍යුහ කමිටු රැස්වීමට ලබා දීම.
  • ළමා මිතුරු පාසල් වැඩසටහනට අදාල සියලු කටයුතු ඉටු කිරීම
  • PMS පද්ධතිය යාවත් කාලීන කිරීම හා ඊට අදාල කටයුතු
  • තම රාජකාරී වලට අදාල සියලුම පරිගණක කටයුතු සහ ලේඛන කටයුතු
  • කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ/නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සැලසුම් විසින් පවරන වෙනත් අදාල රාජකාරී කටයුතු ඉටු කිරීම.

ගයා ඒකනායක මිය

කළමණාකරණ සේවා නිලධාරී සැල 05
දුරකථන අංකය:- 071-4492402
රාජකාරී පැවරීම
  • සැලසුම් අංශයේ ඒකක ප්‍රධාන ලෙස අදාල රාජකාරී කටයුතු ඉටු කිරිම.
  • කලාප මට්ටමේ අධ්‍යයන හා අනධ්‍යයන තොරතුරු රැස්කිරීම හා යාවත්කාලීනව පවත්වාගෙන යාම. මාසික වාර්තා සැකසිම හා ඉහල අධිකාරිය වෙත යොමු කිරීම.
  • පාසලක සිටිය යුතු අධ්‍යයන කාර්ය මණ්ඩලය තීරණය කිරිමට අදාල කටයුතු සිදුකිරිම. ගුරු තුලන කටයුතු සදහා දායකත්වය ලබා දීම.
  • ගුණාත්මක යෙදවුම් මුදල් පාසල් වෙත බෙදාහැරීම, වච්චර්පත් සැකසීම, පාසල් දැනුවත් කිරීමේ ලිපි පිළියෙල කිරීම හා පාසල් වෙත යොමුකිරීම.
  • පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙහි පවත්වන සැලසුම් ප්‍රගති සමාලෝචන රැස්වීමට අදාල ප්‍රතිපෝෂණ වාර්තාව සකස් කිරීම හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිම
  • කලාප කාර්යාලයට අදාල කාර්තු වාර්තා පිළියෙල කිරීම හා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම හා ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත යොමු කිරිම.
  • කලාපයේ සිටිය යුතු හා සිටින විදුහල්පති ශ්‍රේණිධාරීන් පිළිබද තොරතුරු එකතු කිරීම, යාවත් කාලීන කිරීම හා ස්ථාන ගත කිරීම් වලට අවශ්‍ය තොරතුරු ලබාදීම.
  • විදුහල්පති ධාරිතා සංවර්ධන වැඩමුඵ සදහා නා යෝජනා යැවීම, වැඩමුඵ පැවැත්වෙන දින පිළිබද විදුහල්පතිවරුන් දැනුවත් කිරීම හා ඊට අදාල කටයුතු
  • කලාපයේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ තොරතුරු යාවත් කාලින කිරීම හා පවත්වාගෙන යාම
  • පාසල් වර්ණාලේප මුදල් පාසල් වෙත බෙදා හැරීම, ඒ සදහා වච්චර් පත් සැකසීම, පාසල් දැනුවත් කිරීමේ ලිපි සැකසීම හා පාසල් වෙත යොමු කිරීම. පාසල් වර්ණාලේප මුදල් පිළිබද ප්‍රගතිය සකස් කිරීම හා ඉහළ අධිකාරීන් වෙත ලබාදීම.
  • පාසල් සදහා ලිපි ද්‍රව්‍ය ලබාදීමට ලබා දෙන මුදල් පාසල් වෙත බෙදා හැරීමට අදාල කටයුතු ගොනු පවත්වාගෙන යාම
  • විගණන විමසුම් සදහා පිළිතුරු ගොනු කිරීම හා නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) උපදෙස් පරිදි අදාල වාර්තා පිළියෙල කිරීම.
  • සැලසුම් අංශයට ලැබෙන ලිපි භාර ගැනිම හා සැලසුම් අධ්‍යක්ෂතුමා දැනුවත් කර කාර්ය භාර නිලධාරී වෙත යොමු කිරීම.
  • බාහිර පාර්ශව මගින් තොරතුරු ඉල්ලීම් සදහා තොරතුරු ලබා දීමට අදාල කටයුතු
  • කලාපයට පැමිණෙන නියෝජිතයින්/ධූත සේවා සදහා ඉදිරිපත් කරන Presentation සෑදීම හා එම රැස්වීම් සදහා අදාල කටයුතු සූදානම් කිරීම
  • තම රාජකාරී වලට අදාල සියලුම පරිගණක කටයුතු සහ ලේඛන කටයුතු
  • කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ/නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සැලසුම් විසින් පවරන වෙනත් අදාල රාජකාරී කටයුතු ඉටු කිරීම.

තමරා කුමාරි මිය

කාර්යාල කාර්යය සහායක
රාජකාරී පැවරීම
  • දවසේ ආරම්භයේදී සැලසුම් අංශයේ දොර විවෘත කිරීම හා පිරිසිදු කිරීම් සිදු කිරීමට අවස්ථාව ලබා දීම.
  • සැලසුම් අංශයට පාසල් වලින් ලැබෙන ව්‍යාපෘති සැලසුම්, ඇස්තමේන්තු, කම්ටු, දත්ත හා ලිපි බාර ගැනීම, අවශ්‍ය ලිපිවලට දින මුද්‍රාව තැබීම හා අදාල විෂයය වෙත යොමු කිරීම.
  • සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සැලසුම් ගේ අත්සන යොදන ලද ලිපි වලට නිල මුද්‍රාව යෙදීම හා දෛනිකව තැපෑලෙන් ලැබෙන ලිපි වල දින මුද්‍රාව යෙදීම
  • සැලසුම් අංශයට ලැබෙන දෛනික ලිපි සටහන් ලේඛනයේ සටහන් කළ පසුව විෂයභාර නිළධාරීගෙන් ලබාගෙන අදාල විෂයය භාර නිළධාරීන් වෙත බෙදා දීම.
  • අධ්‍යාපන අමාත්‍යාංශය, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, වෙනත් ආයතන හා පාසල් වෙත යැවිය යුතු ලිපි තැපෑල වෙත ගෙන ගොස් භාර දීම.
  • විදුහල්පති රැස්වීම්, ව්‍යුහ කමිටු රැස්වීම් හා සැලසුම් අංශය මගින් පැවැත්වීමට යෙදෙන වෙනත් රැස්වීම් කටයුතු සදහා අවශ්‍ය වන ලිපිද්‍රව්‍ය රැගෙන ඒම, ලිපි බෙදාහැරීම හා ඒ සම්බන්ධයෙන් ඒ ඒ අවස්ථාවන්හිදී ඉටු කිරීමට අවශ්‍ය රාජකාරී කටයුතු වල යෙදීම.
  • විෂයභාර නිළධාරීන් විසින් කලාප කාර්යාලය තුල බෙදා හැරීමට අවශ්‍ය ලිපි ඒ ඒ අංශ වෙත ගෙන ගොස් භාර දීම.
  • කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ අනුමැතිය අවශ්‍ය ලිපි සදහා අනුමැතිය ලබාගැනීම.
  • සැලසුම් අංශයට අවශ්‍ය ආකෘති පත්‍ර , වවුචර්පත් හා වෙනත් ඉල්ලුම් පත්‍ර අදාල අංශ වලින් රැගෙන ඒම හා ඒවා නියමිත පරිදි ගබඩා කර අවශ්‍ය අවස්ථාවලදී ලබාදීම.
  • ඡායාස්ථ පිටපත් යන්ත්‍රය භාරව කටයුතු කිරීම. අවශ්‍ය ඡායාස්ථ පිටපත් ලබාදීම.
  • සැලසුම් අංශයෙන් පිළියෙල කරන ලද වවුචර් පත් වලට අවශ්‍ය නිර්දේශ හා අනුමැතිය ලබා ගෙන ගිණුම් අංශයේ අදාල විෂයය භාර නිළධාරී වෙත ගොස් බාර දීම.
  • කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ/නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සැලසුම් විසින් පවරන වෙනත් අදාල රාජකාරී කටයුතු ඉටු කිරීම.

අයි.ඩී.පියුමි ජයතිලක මිය - BA (Hons)

සංවර්ධන නිලධාරි සැල 03
දුරකථන අංකය:- 0764457378
රාජකාරී පැවරීම
  • පාසල් සංගණන කටයුතු
    • සංගණන පොත් පාසල් වෙත භාර දීම සහ සංගණන පොත් පුරවන ආකාරය දැනුවත් කිරිම
    • පුරවන ලද සංගණන පොත් කොට්ඨාශ කාර්යාල හරහා සැලසුම් අංශය වෙත ලබා ගැනීම
    • සංගණන පොත් අංකනය කිරීම සහ සංගණන වාර්තා වල නිවැරදි බව පරීක්ෂා කිරීම
    • සංගණන පොත් පරිගණක ගත කිරීම
    • තොරතුරුවල දෝෂ පරීක්ෂාව
    • අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුලත් කරන ලද නිවරදි තොරතුරු භාර දීම.
  • විභාග තොරතුරු
    • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල
    • අ.පො.ස (සාපෙළ) ප්‍රතිඵල
    • අ.පො.ස (උපෙළ) ප්‍රතිඵල පාසල් වෙතින් ආකෘති පත්‍ර ලබාදී ලබා ගැනීම, දත්ත පරිගණක ගත කිරීම, පරිගණක ගත කරන ලද තොරතුරු බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යොමු කිරීම
  • විභාග තොරතුරු ඇතුලත් presentation සැකසීම
  • බස්නාහිර පළාත් සභාව සදහා කළමනාකරණ තොරතුරු පද්ධතිය සකස් කර ගැනීමට අදාල තොරතුරු රැස් කිරීම, තොරතුරු සැකසීම හා දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිම
  • කලාපයේ තෝරාගත් පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාලව තොරතුරු ලබා දීම හා සිතියම් ගත කිරිම් ආදී කටයුතු
  • ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාලව ලේඛන නඩත්තු කිරීම හා තොරතුරු ලබාදීම.
  • ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ජාතික පාසල් පද්ධතියක් ස්ථාපනය කිරීම සම්බන්ධ කටයුතු
  • ජාතික පාසල් සදහා අන්තර් ජාල පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාල කටයුතු සිදු කිරීම
  • සම්පත් පැතිකඩ තොරතුරු සැකසීම හා ලබා දීම
  • බාහිර පාර්ශ්ව මගින් ඉල්ලන විභාග තොරතුරු ලබා දීමට අදාල කටයුතු
  • අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව මඟින් කාලීන අවශ්‍යතා අනුව ලබා දෙන තොරතුරු ලබා ගැනීම සදහා පාසල් වෙත ආකෘති යැවීම,එක්රැස් කිරීම, පරිගණක ගත කිරීම හා අවශ්‍ය වාර්තා පිළියෙල කිරීම.
  • තම රාජකාරී වලට අදාල සියලුම ලේඛන කටයුතු
  • කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ/නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සැලසුම් විසින් පවරන වෙනත් අදාල රාජකාරී කටයුතු ඉටු කිරීම.

අයි.ඒ.එම්. කුමාරි මිය BA (Hons)

සංවර්ධන නිළධාරී සැල 06
දුරකථන අංකය:- 071-9398676
රාජකාරී පැවරීම
  • සැලසුම් අංශයේ දෛනික තැපෑල කටයුතු සිදුකිරීම. දෛනිකව අංශය වෙත ලැබෙන ලිපි ලබා ගැනීම හා සැලසුම් අංශයෙන් වෙනත් ආයතන හා අංශ වෙත යොමු කරන ලිපි අදාල අංශ වෙත යැවීම.
  • 13 වසරක අධ්‍යාපනය වැඩසටහනට අදාල සම්බන්ධීකරණ කටයුතු, ලේඛන යාවත්කාලීන කිරීම, තොරතුරු ගොනු ගත කිරීම හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු ලබා දීම
  • මාසික ලිපිද්‍රව්‍ය අවශ්‍යතා සකස්කිරීම, ගෙන්වීම, තම භාරයේ තබා ගෙන බෙදා හැරීම
  • නව ජාතික පාසල් වල අන්තර්ජාල පහසුකම් සැලසීම, වචුචර් සකස් කිරීම, පාසල් දැනුවත් කිරීම හා ගොනු නඩත්තු කිරීම හා ප්‍රගතිය ලබා ගැනීම
  • පළාත් පාසල් අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීමට අදාල ලේඛන නඩත්තු කිරීම, වවුචර් සකස් කිරීම, පාසල් දැනුවත් කිරීම හා ප්‍රගතිය ලබා ගැනීම
  • කලාපයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල පිළිබද තොරතුරු රැස්කිරීම, යාවත් කාලීන කිරිම හා පරිගනක ගත කිරීම හා අවශ්‍ය අවස්ථාවන්හිදී වාර්තා සදහා තොරතුරු ලබා දීම
  • කලාප මට්ටමින් තෝරා ගත් පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහනට අදාල කටයුතු ( පාසල් 22 සංවර්ධනය කිරීමේ වැඩසටහන) මේ සදහා පාසල් තෝරා ගැනීමට අදාල කටයුතු, පාසල් තොරතුරු ගෙන්වා ගැනීම, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණය හා පාසල් දැනුවත් කිරීම් කටයුතු සිදු කිරීම. ප්‍රගති වාර්තා සැකසීම හා ගොනු ගත කිරීම හා යාවත්කාලීන කිරීමේ කටයුතු
  • සැලසුම් අංශයේ ප්‍රාග්ධන භාණ්ඩ ලේඛන ගත කිරීම, නඩත්තු පිළිබද ලේඛන පවත්වාගෙන යාම, නව ප්‍රාග්ධන භාණ්ඩ ඉල්ලුම් කිරීම, භාණ්ඩ ඉන්වෙන්ට්‍රි ගත කිරීම
  • බැහැරයාමේ ලේඛනය භාරව කටයුතු කිරීම
  • ඡායාස්ථ පිටපත් යන්ත්‍රය හා මුද්‍රණ යන්ත්‍ර භාරව කටයුතු කිරීම, අවශ්‍ය අවස්ථාවන් හිදී ටෝනර්, තීන්ත ගෙන්වා දීම හා ඒ පිලිබද ලිපි කටයුතු
  • තම රාජකාරී වලට අදාල සියලුම පරිගණක කටයුතු සහ ලේඛන කටයුතු
  • කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ/නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සැලසුම් විසින් පවරන වෙනත් අදාල රාජකාරී කටයුතු ඉටු කිරීම.

සැලසුම් අංශයේ භාවිතාවන ආකෘති

පාසල් ව්‍යුහ කටයුතු සම්බන්ධ (13/2025 චක්‍රලේඛය)
නව පාසල් ආරම්භ කිරීම
ප්‍රාථමික ශ්‍රේණි අලුතින් ආරම්භ කිරීම
ද්විතීයීක ශ්‍රේණි අලුතින් ආරම්භ කිරීම
අ.පො.ස.(උ.පෙළ) විෂය ධාරා ආරම්භ කිරීම(භෞතික විද්‍යා,ජෛවීය විද්‍යා,වාණිජ,කලා,තාක්ෂණවේදය)
උසස් පෙළ 13 වසරක වෘත්තීය විෂය ධාරාව ආරම්භ කිරීම
6-11 ශ්‍රේණි සඳහා දැනට අනුමත සමාන්තර පන්ති සංඛ්‍යාව තුළ ම ද්විභාෂා මාධ්‍ය පන්ති ආරම්භ කිරීම/වැඩි කිරීම/අඩු කිරීම
අ.පො.ස(උ.පෙළ) ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ආරම්භ කිරීම/වැඩි කිරීම/අඩු කිරීම
සමාන්තර පන්ති සංඛ්‍යාව වැඩි කිරීම/අඩු කිරීම
පාසල් ප්‍රතිව්‍යුහගත කිරීම
පාසල් තාවකාලිකව වැසීම
පාසල් තාවකාලිකව වැසීම
පාසල් පිහිටි ස්ථානය (School Location)වෙනස් කිරීම
පාසලක් සදහා ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ කටයුතු
පාසලක නම වෙනස් කිරීම
පාසලක නිල ඇඳුම වෙනස් කිරීම
පාසල් භෞතික සම්පත් සම්බන්ධ
ගොඩනැඟිලි කඩා ඉවත් කිරීම
බාහිර පාර්ශව ඉඳිකිරීම්
කමිටු ආකෘති පත්‍ර
පාසල් සංවර්ධන විධායක කමිටු
පාසල් ප්‍රසම්පාදන කමිටු
පාසල් තාක්ෂණ කමිටු