විසි එක්වන සියවසේ සන්නිවේදන තාක්ෂණික දියුණුව සමඟ අත්වැල් බැඳගනිමින් වඩාත් විධිමත් සහ කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ආරම්භ කරන ලද ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.
අධ්‍යාපන ක්‍රියාවලිය යනු දැනුම කුසලතා හා ආකල්ප වලින් යුත් නිපුණතාවන්ගෙන් පරිපූර්ණ අනාගත පරපුරක් දැයට දායාද කිරීමේ පාරිශුද්ධ මෙහෙවරකි.
දිවයිනේ විශිෂ්ටතම අධ්‍යාපන කලාපය බවට පත්වීමේ උදාර අරමුණ කරා යන ගමනේ දී තෘප්තිමත් සහ උද්යෝගිමත් ගුරු පරපුරක් හා නිලධාරී මණ්ඩලයක් හරහා ගොඩනැගෙන ඵලදායි සේවාව අපගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය උදෙසා සෘජුවම බලපානු ඇත.
මෙමගින් පරිපාලන කටයුතු වඩාත් විධිමත්ව හා කඩිනමින් ඉටු කර ගැනීමට අවස්ථාව සැලසීමත් අධ්‍යාපන දත්ත පදනම් කර ගනිමින් පාසල් සිසුන් ගුරුවරුන් විදුහල්පතිවරුන් හා දෙමාපියන් ඇතුළු සියලු පාර්ශව කරුවන් වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීමත් අපේක්ෂා කරමි.
ඩිජිටල්කරණය තුළින් ඇතිකරන යහපත් රාජ්‍යය යාන්ත්‍රණය හරහා ඇති කරන පොහොසත් රටක ලස්සන ජිවිතයක් හිමි පුරවැසියන් බිහිවන සමාජයකට අපගේ දායකත්වයේ ප්‍රමාණය ගම්පහ අධ්‍යාපන කලාපයේ ගුණාත්මක වර්ධනයට මහෝපකාරී වනු ඇත. මේ සඳහා කැප වූ සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි.