බස්නාහිර
පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ජන්ද කොට්ඨාසයේ ඕගොඩපොල ග්‍රාමයේ ඕගොඩපොල ප්‍රාථමික
විදුහල පිහිටා තිබේ. ඕගොඩපොල ප්‍රාථම්ක විදුහල අයත් වන්නේ අංක 314 ඕගොඩපොල ග්‍රාමසේවා
වසමටයි . විදුහලට ඇති ප්‍රවේශ මාර්ගය වන්නේ තිහාරිය- වාරණ පාරේ කොස්හේන හන්දියෙන්
වු රුක්ගහවිල මාර්ගයයි. පාසලේ භූමි ප්‍රමාණය රූඪ02 පර්චස්35 පමණ වේ.
1914 වර්ෂයේ සමරනායක මහතාට අයත් ෙපෳද්ගලික ඉඩමක
පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක පළමුවෙන්ම මෙම පාසල ආරම්භකර ඇති අතර ඩී.පී.
සමරනායක මහතා ප්‍රථම විදුහල්පති ලෙස
කටයුතු කර ඇත.ක්‍රමයෙන් සිසුන් 10 දෙනෙක් දක්වා සිසුන් සංඛ්‍යාව වැඩි වු අතර
ගොරකදෙණිය පාසලෙන් සිසුන් කොටසක් මෙම පාසලට ඇතුලත් කළ බවටද ප්‍රදේශවාසීහු පවසති.
මේ දක්වා පාසලේ සේවයේ කර ඇති විදුහල්පතිවරුන්ගේ
නාමයන් පහත පරිදි වේ.
1.ඩී.පී.
සමරනායක මහතා
2.
යූ. රණසිංහ මහතා
3.
ජයවීර මහතා
4.
කරුණාරත්න මහත්මිය
5.රණතුංග
මහත්මිය
6.හේමනායක මහතා
7.
පත්මසිරි මහතා
8.
වික්‍රමතිලක මහතා (වැ.බ)
9.
තිලකරත්න මහතා
10.
අනෝමා රත්නායක මහත්මිය (වැ.බ)
11.පී.ආර්.සී.මාලනී
මහත්මිය(වර්තමාන)
වර්තමානයේ
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පැවැත්වෙන ප්‍රාථමික පාසලක් ලෙස ඕගොඩපොල
විද්‍යාලය දැක්විය හැකිය.