බප/ගම් තිහාරිය මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය තිහාරිය කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි මිශ්‍ර පාසලක් වන අතර 1940 වර්ෂයේදී ආරම්භ කරන ලදී. වර්තමානයේ සිසු සිසුවියන් 164 දෙනෙකු සහ ගුරු මණ්ඩලයේ 17 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පාසල අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වාගෙන යයි.
මෙම විද්‍යාලයේ විශේෂත්වයක් වන්නේ සිංහල, මුස්ලිම් හා දෙමළ යන විවිධ ජාතින් හා ආගමික පසුබිම්වලට අයත් සිසු සිසුවියන් එකමුතුව සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමයි. ඒ තුළින් ජාතික සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය ගෞරවය වර්ධනය කිරීම සඳහා පාසල විශාල දායකත්වයක් ලබා දෙයි.
මෙම විද්‍යාලයේ ප්‍රධාන අරමුණ වන්නේ “ජාතික හා ආගමික සහජීවනයෙන් යුතු යහපත් පුරවැසියන් බිහි කිරීම” යන්නයි. ඒ අනුව ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික, සදාචාරාත්මක හා සමාජීය හැකියාවන් සංවර්ධනය කරමින් විනයගරුක හා වගකීම් සහිත දරු පරපුරක් ගොඩනැගීමට පාසල කැපවී සිටී.
අධ්‍යාපනයට අමතරව ක්‍රීඩා, සංස්කෘතික සහ විවිධ ක්‍රියාකාරකම් සඳහා ද සිසුන් උනන්දු කරවමින් ඔවුන්ගේ සම්පූර්ණ පෞරුෂ සංවර්ධනයට අවශ්‍ය පසුබිම මෙම විද්‍යාලය මඟින් සලසා දෙනු ලබයි.