School Cover
School Principal

Rathambale Primary School

Attanagalla Division Census ID: 01113

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ අංක 374 රතඹලේ ග්‍රාම සේවා වසම තුළ නිට්ටඹුව කිරිඳිවැල මහා මාර්ගය අසල  රතඹලේ ප්‍රාථමික විද්‍යාලය පිහිටා ඇත. 

ගමේ ප්‍රභූන් අතර සිටි W.W අමරසිංහ රාළහාමි මහතා තමාට අයත් ඉඩම්වලින් අක්කර ඒක පමණ භූමි ප්‍රමාණයක් මෙම පාසල ඉදිකිරීම සඳහා පරිත්‍යාග කර ඇත. මෙම භූමියෙහි ගමේ සියලු දෙනාගේ ආධාරය හා උපකාරය මත පොල් අතු සෙවිලි කළ කුඩා ශාලාවක් සකස් කර ඇත. 1938 වර්ෂයේ දී මෙම ශාලාවෙහි කුඩා පාඨශාලාවක් ආරම්භ කර ඇත. මෙහි මුල්ම ගුරුවරයා ලෙස සේවය කරන ලද්දේ W.P අත්තන්ගොඩ මහතාය. ඔහු තම සේවාව ඉටුකරන ලද්දේ ුදෙක් මුදලට නොව අධ්‍යාපන අභිලාශීන්ගේ සිත් සතුටු වන ආකාරයටය . මෙලෙස අරඹන ලද පාඨශලාව 1944 මැයි 15 දින රජයට පවරා ගන්නා ලදී. 

පළමු ශ්‍රේණියේ සිට එකොළොස්වන ශ්‍රේණිය දක්වා පන්ති පවත්වන ලද මෙම විද්‍යාලයේ හයවන ශ්‍රේණියට සමත් වන සිසුන් 2012 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරන ලද ද්විතීක පාසල් දහසක් සහ ප්‍රාථමික පාසල් පන්දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව 2017 වර්ෂය වන විට මෙම පාසලේ ශේෂ වූයේ ප්‍රාථමික පංති (1-5)  පමණි. 

පළාත් අධ්‍යාපන ලේකම්ගේ 2025 .07.29 දිනැති ලිපියට අනුව බප / ගම්/ රතඹලේ කනිෂ්ඨ විද්‍යාල නාමය බප/ ගම්/රතඹලේ ප්‍රාථමික විද්‍යාලය ලෙස වෙනස් කරන ලදී.

ප්‍රාථමික පාසලක පැවැත්වෙන එකම ජාතික විභාගය වන ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ප්‍රතිඵල පෙන්වමින්ද අනෙකුත් ව විෂය සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ජයග්‍රහණ ලබමින්ද මෙම පාසලේ සිසුන් කැපී පෙනෙන දස්කම් පාමින් සිටීම තුළින් මේ වනවිට පාසල ප්‍රදේශයේ ඉහළ කීර්තියක් අත්පත් කරගෙන ඇත.

අතීතයේ සිට වර්තමානය දක්වා මෙම පාසල තුළින් සමාජයට සිදුවූ සේවාව ඉමහත්ය. ප්‍රාථමික පාසලක් ලෙස වර්තමානයේ සිසුන් 146 දෙනෙකු අධ්‍යාපනය ලබන මෙම පාසල තුළින් ගුණ නැණ සපිරි දරු පරපුරක් රටට දායාද කරමින් පාසලේ දැක්ම සාක්ෂාත් වන පරිදි කටයුතු කරමු.



සංඛ්‍යාලේඛන (Statistics)

5
Teachers
146
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal Mahal Oluge Priyani Weerathuña
Contact Number 0332253083
Postal Address WP/GM/Rathambale Primary School
Rathambale
Urapola