බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රිකයේ අත්තනගල්ල කොට්ඨාසයේ වැලිකඩමුල්ල
ග්‍රාම නිළධාරි කොට්ඨාසයේ බප/ගම්/වැලිකඩමුල්ල කනිෂ්ඨ විද්‍යාලය පිහිටා
ඇත. වර්ෂ.1953 ජුලි මස 1 වන දින ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
මෙම පාසල ආරම්භ විය.
ආරම්භයේ දි
සිසුන් 20 දෙනෙකු හා ගුරුවරුන් තිදෙනෙකු සිටි අතර මුල් ගුරුතුමා ලෙස ජේ.රාමනායක
මහතා කටයුතු කර ඇත. ආරම්භයේ දි අක්කර 1.5 ක් භුමි ප්‍රමාණක් විදුහලට වෙන් ව තිබි
ඇත. පොල් අතු වලින් ආවරණය කරන ලද ගොඩනැල්ලක අධ්‍යාපන කටයුතු කර ඇත. වර්තමාන
විදුහල්පතිතුමිය ලෙස කටයුතු කරනුයේ ඩබ්.පී.එන්.ප්‍රියන්ති මහත්මියයි. වර්තමානය වන විට ගුරුවරුන්
17 දෙනෙකු ද ප්‍රාථමික අංශයේ සිසුන් 78 දෙනෙකු ද ද්විතික අංශයේ සිසුන් 100 දෙනෙකු
ද සිටි.
භෞතික සම්පත් ලෙස දෙමහල් ගොඩනැගිලි 01ක් ද, ප්‍රධාන ශාලා 01ක් ද ,පංති
කාමර 2 බැගින් සමාන්විත ගොඩනැගිලි 2 ක් ද, පරිගණක විද්‍යාගාරයක් ද, පුස්තකාලයක් ද
විද්‍යාගාරයක් ද පාසල තුළ පිහිටා ඇත. පන්නිල ආනන්ද නාහිමියන් විසින් නව පාසල්
ගොඩනැගිල්ලක් ලබා දෙන ලදී.
මෙම පාසලේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා නියමිත විෂය මාලාව
සිංහලෙන් ඉගැන්විම් සිදු කරයි.
6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා හර විෂයන් හයට අමතරව පළමු කාණ්ඩය
යටතේ භුගෝලය විද්‍යාව,ව්‍යාපාර හා ගිණුම්කරණය හා පුරවැසි ද දෙවන කාණ්ඩ යටතේ නර්තනය,සංගීත
හා චිත්‍ර ද තෙවන කාණ්ඩය යටතේ සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය ද උගන්වනු ලබයි.
ජාතික මට්ටමේ විභාග ලෙස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා 11 ශ්‍රේණිය අ.පො.ස.
(සා.පෙළ) විභාග සඳහා වාර්ෂිකව සිසුන් ඉදිරිපත්වන අතර ප්‍රතිඵලද සාපේක්ෂව ප්‍රශස්ථ
මට්ටමක පවතී. ආර්ථික දුෂ්කරතා සහිත සිසුන් බහුතරයක් මෙහි අධ්‍යාපනය ලබන බැවින් එම
ගැටළුව ඔවුන්ගේ පෝෂණයට මෙන්ම අධ්‍යාපනයටද වක්‍ර බලපෑම් එල්ල කරයි.
සමස්ථයක් ලෙස සැලකූ කළ බොහෝ දුෂ්කරතා හා අභියෝග මැද පාසල දිනෙන් දින දියුණුව කරා පා තබමින් සිටී. මානව සම්පත් මෙන්ම භෞතික සම්පත්ද සැලකිය යුතු සංවර්ධනයක් අත්පත් කරගෙන ඇත