School Cover
School Principal

බප/ගම්/නිට්ටඹුව රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලය

Attanagalla Division Census ID: 01117

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

වර්ථමානයේ නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලය ලෙස ප්‍රසිද්ධව පවතින මෙම පාසල ක්‍රි.ව. 1825 දී ආරම්භ කර ඇත.

වර්ථමානය වන විට පාසලේ 01 සිට 11 දක්වා පන්ති පැවැත්වේ. ශිෂ්‍ය සංඛ්‍යාව 362 කි. ගුරු මණ්ඩලය 24 කි. අනධ්‍යන කාර්ය මණ්ඩලය 12 දෙනෙකුගෙන් සමන්විතය.

පළාත් සභා පාසලක් වන නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලය 02 වර්ගයේ පාසලක් වන අතර, අත්තනගල්ල කොට්ඨාස කාර්යාලය හා ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතී.

ක්‍රි..1820 වන විට ලංකාව ඉංග්‍රීසින්ට යටත්ව තිබුණු කාලයකි. ඔවුන් තම ආගම වූ කතෝලික ආගම ප්‍රචාරය කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මීගමුව ප්‍රදේශයෙන් පැමිණි මිෂනාරිවරු ආගම ප්‍රචාරය කිරීමට ඇරඹීමත් සමග පාසලේ ආරම්භයට පසුබිම වැටී තිබේ.  

ක්‍රි..1825 දී ආරම්භ වූ මෙම පාසලේ මුල් ගුරුතුමා ලෙස සැලකෙන්නේ රැපියෙල් මුල් ගුරුන්නාන්සේය.

මුල් වකවානුවේ ආගම ඉගැන්වීම මූලික වූ අතර පසුව අනිකුත් විෂයයන්ද ඉගැන්වීමට පටන්ගෙන තිබේ.   ක්‍රි..1965 දී මෙම පාසල නියමාකාරයෙන් රජයට පවරාගෙන තිබේ. එකල ළමුන් 360 ක් පමණ වන අතර ගුරු මණ්ඩලය දහදෙනෙකු විය.

උදෑසන ආගමික වතාවත් කතෝලික දරුවන් කතෝලික ආගමෙන්ද,  බෞද්ධ දරුවන් බෞද්ධ ආගමෙන්ද සිදුකරයි. පල්ලියේ දේව මෙහෙය පැවැත්වෙන බදාදා දින කතෝලික දරුවන් ඊට සහභාගී වේ. බෞද්ධ හා කතෝලික උත්සව පාසල තුළ පැවැත්වේ.

වර්ථමානය වන විට තට්ටු තුනේ ගොඩනැගිලි දෙකක් පාසල සතුවේ. ඉන් එක් ගොඩනැගිල්ලක ප්‍රාථමික අංශය පවතී. අනික් ගොඩනැගිල්ලේ ද්විතීක අංශයේ පන්ති කාමර කිහිපයකි. ප්‍රධාන ශාලාව මෙම ගොඩනැගිල්ලේ පහත මාලයේ පිහිටා ඇත. විද්‍යාගාර, පුස්තකාල පහසුකම් සදහා වෙන් වූ ගොඩනැගිලි ද ප්‍රාථමික අංශයේ දරුවන් සදහා අංග සම්පූර්ණ ළමා උයනක් ද වර්ථමානය වන විට ලැබී ඇත.

පෙර අපරදිග තූර්ය වාදක කණ්ඩායම් තුනක්, නෙට්බෝල් වෙලිබෝල් ආදී ක්‍රීඩා කණ්ඩායම්, බාලදක්ෂ  කණ්ඩායම්, ශාන්තජෝන් වැඩසටහන, පරිසර නියමු හා පරිසර ළමා සමාජ ආදී විෂයය බාහිර ක්‍රියාකාරකම්ද වර්ථමානයේ ක්‍රියාත්මක වේ. වර්ථමාන විදුහල්පතිතුමිය වන ඩබ්.එම්.පී.විජේසිංහ මහත්මියගේ පූර්ණ කාලීන අධීක්ෂණය යටතේ මේ සියලු දේ සිදුවෙමින් පාසල දිනෙන් දින ඉදිරියට යමින් පවතී.

 

 

සංඛ්‍යාලේඛන (Statistics)

24
Teachers
362
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal ඩබ්.එම්.පී.විජේසිංහ
Contact Number 0332294821
Postal Address බප/ගම්/රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලය
නිට්ටඹුව