අත්තනගල්ල අධ්‍යාපන කොට්ඨාසයේ ,ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් බස්නාහිර පළාත් පාසලක් වන අප පාසල ,321 කළගෙඩිහේන ග්‍රාමසේවක වසමේ පිහිටා ඇත.
අප පාසල වීමෝ නෝනා වීරවර්ධන මාතාවගේ ඉඩම් පරිත්‍යාගයෙන් බාලිකා පාසලක් ලෙස ආරම්භ කරන ලදී.මුලදී මෙම පාසල සතුව පැවති තාවකාලික බව නිසාම දූවිලි පාසල යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ලදී.
පොල් අතු සෙවිලි කළ මඩුවක සෑදුණු මෙම පාසලේ සේවය කළ ශ්‍රේෂ්ඨ විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම මත අප පාසලට ගොඩනැගිල්ලක් ලැබුණි.ප්‍රදේශවාසී ජනතාවගේ මහත් ප්‍රසාදයට පත් වෙමින් ඔවුන්ගේ ඉල්ලීම මත දූවිලි පාසල තිහාරිය කුමාරි පාසල ලෙස නම් කරන ලදී.ආරම්භයේ පාසල 1ශ්‍රේණියේ සිට 8ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පවත්වා ඇත.පසුකාලීනව 1-5 ශ්‍රේණිය දක්වා ශ්‍රේණි අඩු විය.කලින් කල සිටි විදුහල්පතිවරුනගේ කැපවීම මත පාසල දිනෙන් දින දියුණුවට පත් විය.
පාසලේ අධ්‍යාපනික දියුණුවත් සමග ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීම නිසා පාසලේ සමාන්තර පන්ති සංඛ්‍යාවද ක්‍රමයෙන් වැඩි විය.වර්තමානයේ 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ ප්‍රතිශතයක තිබීම මෙම විදුහලේ ජනප්‍රියත්වයට හේතු වේ.මේ සදහා කැපවී කටයුතු කරන විදුහල්පති එල්.එච්.සුමනසිරි මිය වර්තමාන විදුහල්පතිනිය ලෙස කටයුතු කරයි.එමෙන්ම පාසලේ ගුරු මණ්ඩලයද පාසල් ගුණාත්මකභාවය ඉහල නැංවීම කෙරෙහි බෙහෙවින් දායක වේ.එහි ප්‍රතිඵල වර්තමානයෙහි ඵල දරමින් පවතියි.දූ දරුවන්ගේ අධ්‍යාපනික මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වල ලද ජයග්‍රහණ ඇගයීමට ලක් කිරීමට 2023,2025 වර්ෂවලදී උත්කර්ෂවත් ලෙස පැවැත්වූ අශෝ අභිමන් මෙයට ප්‍රධාන සාධකයකි.
සිංහල,ඉංග්‍රීසි භාෂා තරග,ඉංග්‍රීසි නාට්‍යය,කිටී වැඩසටහනේ ඝන සරඹවලින් විශේෂ දක්ෂතා දක්වා සමස්ත ලංකා අනු ශූරතාව ,සරඹ කණ්ඩායම ,අපරදිග හා පෙරදිග තූර්ය වාදන කණ්ඩය කලාප ප්‍රථම ස්ථානයත් දිස්ත්‍රික් දෙවන ස්ථානයත් ලබා ඇති අතර ප්‍රාථමික ක්‍රීඩා කොට්ඨාස හා කලාප ජයග්‍රහණ ලබා ඇත.විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින්ද ඉතාමත් යහපත් මට්ටමක අප පාසල පවතියි .
සිත නිවන බුදු මැදුරක්,ඉගෙනුම් ක්‍රියාවලියට සුදුසු ගොඩනැගිලි ,ඉගෙනුම් සම්පත් සෑම පන්ති කාමරයකටම රූපවාහිනී යන්ත්‍රයක්,එළිමහන් පන්ති කාමරයක්,පුස්තකාල පහසුකම්,ගෙවතු,ඔසු උයන්,පලතුරු උයන්වලින් සමන්විත පාසල මල් වවා ගැළපෙන ලෙස සකසා ඇත.
2025 වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉතා ඉහල මට්ටමේ පැවතුණි .ඒ අනුව දරුවන් 36 දෙනෙකු සමත්වූ අතර ලකුණු 100ට වැඩි සිසුන් 89ක් වූ අතර ලකුණු 70ට වැඩි සංඛ්‍යාව 114ක් විය.
දරුවන්ගේ විවිධ කුසලතා වර්ධනය කරමින් දිනෙන් දින දියුණුව කරා ගමන් කිරීම පාසලේ ඒකායන අරමුණ වේ.