පාසැල පිළිබද හැදින්වීම හා පසුබිම
දැක්ම - " අභියෝග ජයගත හැකි නිපුණතා පිරිපුන් අධ්‍යාපනයක් "
මෙහෙවර - "හෙට දවස දැක ගන්න පාසලට පිය නගන දේශයේ දු පුතුන්ගේ පෞර්ෂ සංවර්ධනය කර ජිවිත අභියෝග වලට සාර් ථකව මුහුණ දිය හැකි සාරධර්ම සහ පාසල් පාදක නිපුණතා පිරිපුන් දැයට වැඩ ඇති දරු පරපුරක් බිහිකරමු."
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝනැගල ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් ගොරකදෙණිය ග්‍රාමයේ ගොරකදෙණිය ප්‍රාථමික විද්‍යාලය පිහිටා ඇත.1930 පමණ මෙම පාසැල මරිය රෙජිනා මහත්මියගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලදී. ඩි.කේ රාජසේකර මහතාගේ ධන පරිත්‍යාගයෙන් ප්‍රධාන ශාලාව ඉදිකර ඇත .1964 දී මෙය ප්‍රාථමික පාසලක් විය.
වර්තමානයේ දී බප/ගම් යක්කල අනුර ම.ම.වි අනුබද්ධ විද්‍යාලයක් වන මෙම පාසලේ 1 සිට 5 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 2 කින් සමන්විත වන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 234කි. අලංකාර පාසල් පිරියතකින් සමන්විත මෙහි ගම්පහ දිස්ත්‍රික්කයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රථිපල අනෙකුත් පාසල් අභිබවා ඉදිරියෙන් සිටි.තාක්ෂණික ඉගෙනුම් උපකරණ ඇතුළු භෞතික සම්පත් වල වර් ධනයක් ද පවතී.
මිට අමතර ව පාසලේ විෂය සමගාමී කටයුතු ලෙස ඉංග්‍රීසි කථාකරවීමේ කදවුර, ස්ක්‍රබල්,සිගිති බාලදක්ෂ ,පෝතක බාලදක්ෂ,බැඩ් මින්ටන් යන වැඩසටහන් වර්තමානයේදී ක්‍රියාත්මක වේ .
2021 -2025 දක්වා විද්‍යාලයීය ප්‍රතිඵල විශ්ලේෂණය