බප/ගම්/පිටියේගෙදර ප්‍රාථමික විද්‍යාලය
දැනට අවුරුදු 110 කට පමණ පෙර එනම් 1908 දී පමණ ගැලවුම්කාර හමුදාවේ (salvationary) මූලිකත්වයෙන් අල්විස් අප්පුහාමි වරුසප්පෙරුම නැමැති අයගේ ඉඩම් පරිත්‍යාගයෙන් දෙල්ගහලන්ද නම් ඉඩමේ මෙම පාසල ආරම්භ විය. එසේ පාසල ආරම්භ වූයේ ලී දඬු හා පොල් අතු සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලක් තුළදී ය. මිශ්‍ර පාසලක් ලෙස ළමුන් 30 කින් පාසල ආරම්භ කරන ලදී.
1911 දී පාසල රජයට පවරාගෙන ඇත. කනිෂ්ඨ පාසලක් වශයෙන් 1 – 8 දක්වා පන්ති පවත්වා ඇත. 1937 දී රජය විසින් එම ගොඩනැගිල්ල එම පාසලට ලබා දී ඇති අතර එය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා විසින් විවෘත කර ඇත. 1938 දී ශිෂ්‍ය සංඛ්‍යාව 183 ක් පමණ වූ අතර එම සංඛ්‍යාව 1940 දී 225 ක් දක්වා වර්ධනය වූ අතර ආචාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 7 ක් දක්වා වර්ධනය වී ඇත.
1954 දී වර්තමාන ප්‍රාථමික
පාසල ළඳරු පාසලක් වශයෙන් පවත්වාගෙන ගිය ද, 1 ශ්‍රේණියේ සිට 3 වන ශ්‍රේණිය දක්වා පන්ති පවත්වා ඇත. මේ අවධියේ දී තවත් ස්ථිර (II ශාලාව) රජයේ
පරිත්‍යාගයෙන් ඉදි විය.
1975-01-31 වන දින ප්‍රාථමික පාසලක් බවට පිටියේගෙදර විද්‍යාලය පත් වූ බවට
ඉතිහාසගත තොරතුරුවලින් අනාවරණය වේ. මේ කාලයේ දී III ශාලාවරජයේ
පරිත්‍යාගයෙන් ඉදි විය. 1998 වන විට සිසුන් 400 පමණ අධ්‍යාපනය
ලබා ඇති අතර ආචාර්ය මණ්ඩලයේ 15 ක් පමණ සේවය කර ඇත. මේ
කාලයේ විදුහල්පති ලෙස සේවය කළ ලීලාරත්න මැතිතුමාගෙන් පසු 1998 පෙබරවාරි
28 වෙනි දින ඊ. එම්. ඩී. වීරවර්ධන
මහත්මිය විදුහල්පති ධූරයට පත් විය. ගුරු දෙගුරු හා ප්‍රදේශ වාසීන්ගෙන් ද රජයේ
ද සහාය ඇතිව පාසලේ දියුණුව සඳහා විශාල වෙනසක් එතුමිය අතින් සිදු වී ඇත.
නවීන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ
නවීකරණය කළ පන්ති සෑදීම, සිඟිති උයන පිළිසකර කරවීම, ළිඳේ
දැල් ගසා ආවරණය කිරීම, කම්බි වැට අලුතින් කම්බි ගසා සැකසීම, දෙමාපියන්
වෙනුවෙන් කොන්ක්‍රීට් ආසන කිහිපයක් ඉදි කිරීම, පුස්තකාල
පහසුකම් වැඩි කිරීම මේ කාලයේ දී සිදු විය.
2000 දී
පාසලට පැමිණි විදුහල්පතිතුමිය වන ඉන්ද්‍රාණි හේමලතා මහත්මියගේ කාලය දීප්තිමත්
කාලයක් වූ අතර ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒමට සමත් විය. 2008 දී
සේවයට පත් වු කේ. ඒ. ඒ. අසේල ඉන්දික විදුහල්පතිතුමා විසින් පාසලේ භෞතික වාතාවරණය ඉතාමත්
දියුණු මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන ලදී. එසේ ම පරිගණක කාමරයක්, ඊ-බෝඩ්
තාක්ෂණය හා පන්ති කාමර සඳහා රූපවාහිනී තිර සවි කිරීම ආදිය මගින් නවීන තාක්ෂණය
පාසලට ළඟා කර දුන්නේ ය. ශිෂ්‍යත්ව ප්‍රතිඵල තවත් ඉහළ මට්ටමකට ගෙන
එමින් දිවයිනේ ම තෙවන හා ඉන්පසු හතරවන හා හයවන ස්ථාන ද ළඟා කර ගැනීමට පාසලට
අවස්ථාව ලැබුණි.
2017-12-23 දින P.D.N.N. අමරසේන මහත්මිය විදුහල්පතිතුමිය ලෙස පත් වු අතර 2024 වර්ෂයේදි එදා
මෙදාතුර පාසලේ ශිෂ්‍යත්ව ප්‍රථිඵල අතින්
ගම්පහ කලාපයේ පාසල් අතරින් 04 වන ස්ථානයත් අත්තනගල්ල කොට්ඨාශයෙන් 02 ස්ථානයත්
ලබාගැනීමට මග පෙන්වීම් කරනදලි.එතුමිය අද දක්වා පාසලේ භෞතික හා අධ්‍යාපන මට්ටම තව
දුරටත් ඉහළ නැංවීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරමින් සිටී.
පාසල් පරිසරය දෙස අවධානය යොමු කිරීමේ දී පාසල් භූමිය අලංකාරය සඳහා විවිධ ස්ථානවල මල් වවා ඇති අතර පන්ති කාමර ඉදිරියේ මල් පාත්ති අලංකාරව සකස් කර ඇත.පාසල් සංවිධාන ව්‍යූහය ඉතා උසස් මට්ටමක පවතින අතර සිසුන්ගේ ආචාර ධර්ම හොඳ මට්ටමක පවතී. පාසලේ දෛනික ක්‍රියාවලිය දෙස අවධානය යොමු කිරීමේ දී ශාරීරික හා මානසික වර්ධනය සඳහා ශරීර සුවතා ව්‍යායාම උදෑසන පැවැත්වීම මනා පිටුවහලක් විය.විෂය සමගාමී කටයුතුවලදී විශේෂයෙන් ම ශීල ව්‍යාපාර, පෙරහැර, වෙසක් කූඩු තරග, පරිසර දින, අවුරුදු උත්සව, අධ්‍යාපන චාරිකා, ලෝකයේ වැදගත් දින සැමරීම, වර්ෂ අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවය හා විවිධ ප්‍රසංග ආදිය පැවැත්වීම සිදු කරයි. ඉංග්‍රීසි භාෂාවහා දෙමළ භාෂාව සිසුන් අතර තව දුරටත් ප්‍රගුණ කිරීමේ අරමුණෙන් ඉංග්‍රීසි කතා කිරීමේ හා දෙමළ භාෂාව කතා කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ද පාසල තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.