School Cover
School Principal

Ranpokunagama college

Attanagalla Division Census ID: 01130

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

         පාසලේ පසුබිම

 

 අතිගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සංකල්පයක් මත 2000 වසරේ දී රන්පොකුණගම නිවාස සංකීර්ණය ඉදිකරන ලදී. මෙම නිවාස සංකීර්ණයට තදබල අවශ්‍යතාවයක් වූ පාසල රන්පොකුණගම ජනතාවගේ කැපවීම හා උනන්දුව මත 1988-01-11 දින යෙදුන සුභ මොහොතින් ආරම්භ විණි. අධ්‍යාපන අධ්‍යක්ෂ චිත්‍රලාල් ඩී. සිල්වා මහතා අතින් විද්‍යාලයීය නාම පුවරුව විවෘත විය. 11.25 ට යෙදුණ සුභ මොහොතින් ගම්/ශ්‍රී බෝධි විදුහලේ විදුහල්පතිනි කේ. රාජපක්ෂ මහත්මිය විසින් ප්‍රථම ශිෂ්‍යාව පාසලට ඇතුළත් කරගන්නා ලදී. විද්‍යාලය මුලින්ම ආරම්භ වූයේ ප්‍රාථමික පාසලක් ලෙසය. ප්‍රථම විදුහල්පතිනිය වූයේ ග්‍රේටා රාජපක්ෂ මහත්මියයි. පාසලේ ආරම්භක අවධියේ සිටම සිංහල, මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු, රෝමානු කතෝලික යන සියලු ජාතීන්ට අයත් ළමයි මෙහි ඉගෙනුම ලැබූහ.        

පාසල අරඹා වසරක් ගතවූ පසු වොලිබෝල්, නෙට්බෝල් ආදී ක්‍රීඩා පුහුණු කිරීම සිදු කෙරිණි. නිවාස නම් කර නිවාස අතර තරඟ පවත්වා ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග ප්‍රදානය කරන ලදී. 1992-01-06 දින හාපිටිගම අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ප්‍රථම වරට ගුරු සිසුන් 07ක් ඇතුළත් විය. එබැවින් ගුරු සංඛ්‍යාව 15 දක්වා වැඩි විය. 1995-05-08 දින පාසලේ විශේෂ අධ්‍යාපන ඒකකය ආරම්භ කළ අතර ආරම්භයේ දී ළමුන් සංඛ්‍යාව 06කි. එය පද්මා විජේරත්න ගුරු මහත්මියගේ භාරකාරත්වයෙන් ආරම්භ විය.     

 1995-05-20 දින නව විදුහල්පති ලෙස එස්. ඩබ්. වි‍ජේසිංහ මහතා පත් විය. පුස්තකාලය, විද්‍යාගාරය සහිතව ඉදි වෙමින් පැවති තෙමහල් ගොඩනැගිල්ල, ක්‍රීඩා පිටිය හා දන්ත චිකිත්සාගාරය මෙම වකවානුවේ දී හිමි වුණු සම්පත්ය. 1999 වර්ෂයේ දී මුල් වරට සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් මුහුණ දුන් අතර 2000-05-23 දින අ.පො.ස. උසස් පෙළ කලා/ වාණිජ/ විද්‍යා ධාරාවන් සඳහා පන්ති ආරම්භ විය. මෙහි අංශ ප්‍රධාන ලෙස එස්. ඒ. රෝහිණී කුලතුංග මහත්මිය පත් වූවාය. විභාගයට මුහුණ දුන් සිසුන් අතරින් මුල් වරට කිසිවෙකු විශ්ව විද්‍යාලයට තේරී පත් නොවූ අතර 2003 උසස් පෙළ විභාගයෙන් සිසුන් තුන් දෙනෙක් විශ්ව විද්‍යාලයට තේරී පත්විය.2001/2002 වසර වල හොඳම ගුරුවරිය ලෙස විද්‍යා ප්‍රදීප සම්මානය රෝහිණී කුලතුංග මහත්මියට හිමිවිය.  

පාසලේ 7 වන විදුහල්පති වරයා ලෙස ඩබ්.ඒ.එස් සමන් ජයසේකර මහතා පැමිණි අතර මෙම කාලයේ පාසලට හිමි වූ විශේෂ සම්පත් ලෙස නව බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය, 11 ශ්‍රේණිය සදහා නව පන්ති කාමර ගොඩනැගිල්ල, පන්නිල නාහිමි තෙමහල් ගොඩනැගිල්ල, ක්‍රිකට් පැති විකට්ටුව සහ CCTV කැමරා පද්ධතිය, වොලිබෝල් ක්‍රීඩාපිටියද එම කාලයේ සිදු කල ක්‍රියාකාරකම් ලෙස බුදු මැදුර නවීකරණය, එළිමහන් පන්තිකාමරය, ප්‍රධාන ගේට්ටුව ඉදිරිපස වහල නවීකරණය, ආපනශාලා නවීකරණය, පඩිපෙළ සහිත පැතිබැම්ම, කතෝලික පන්තිකාමරය සඳහන් කල හැක.

පාසලේ 8 වන විදුහල්පති වරයා ලෙස බි.එස්.එස්.ප්‍රේමරත්න මහතා පැමිණි අතර වර්තමාන විදුහල්පතිවරයා වන්නේද එතුමාය. ක්‍රමෙයන් දියුණුව කරා පිය නගන මෙම විද්‍යාලය ළගම පාසල හොදම පාසල A ව්‍යාපෘතිය සදහා ද තෝරාගෙන ඇත.

විදුරැසින් ඒකාලෝක වූ සවිමත් සිසු පරපුරක් බිහිකිරීමේ දැක්ම පෙරදැරි කරග‍ෙන අනාගතයේ මුහුණ පෑමට සිදුවන සියලු අභියෝග හමුවේ නොසැලී ඉවසීමෙන්, ධෛර්යයෙන් හා අභිමානයෙන් යුතුව ජීවිත අභයෝග ජය ගැනීමේ නිපුණතා ප්‍රගුණ කරගත් ආචාරවත් ගුණගරුක සිසු පරපුරක් බිහි කරමින් රන්පොකුණගම මහා විද්‍යාලය දිනෙන් දින දියුණුව කරා පියනගමින් සිටී.  

සංඛ්‍යාලේඛන (Statistics)

87
Teachers
1,872
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal B.S.Sanjeewa Premarathne
Contact Number 0332280729
Postal Address Ranpokunagama
Nittambuwa