දැක්ම
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මධ්‍ය විද්‍යාලය බවට පත්වීම.
මෙහෙවර
සක්‍රීයව වැඩ කරන සංස්කෘතියක,තමා ගැන අවබෝධයෙන් යුතු, නිර්මාණශීලී මනසක් සහිත, නිසඟ කුතුහලයෙන් හා අන්‍යෝන්‍ය
ලැදියාවෙන් යුතු විශ්වීය මිනිසෙකු බිහි කිරීම සඳහා ගලහිටියාව මැදි විදුහලට පැමිණෙන
සිසුන් ළමා අයිතීන් සුරැකෙන පරිසරයක් තුළ සංවර්ධනය කිරීම.
ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල නගරයට ආසන්නව පිහිටා
ඇති ගලහිටියාව මධ්‍ය විද්‍යාලය අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන,සියනෑ කෝරළයෙහි 1AB වර්ගයේ ජනප්‍රිය පාසලකි.වර්ෂ 1944 මැයි
08 වන
දින ආරම්භ
ව නිදහස් අධ්‍යාපනයේ පියා නම් වූ විරුධාවලිය ලත් සී. ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ
යෝජනාවනක් මත ක්‍රියාත්මක වූ මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීමේ සංකල්පය අනුව ශ්‍රී
ලංකාවේ පිහිටුවන ලද මධ්‍ය මහා විද්‍යාල 54ට මෙම විද්‍යාලයද අයත් වේ. නේවාසික පහසුකම් සහිත
පාසලක් වූ මෙය මුළු දිවයින පුරාම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගලහිටියාව යන ගමේ නමටද ප්‍රසිද්ධියක්
ලබා දෙමිනි. එකල ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් විවිධ දක්ෂතා සහිත වූ සිසු සිසුවියන්ට
මෙම පාසලට පැමිණ අධ්‍යාපනය ලබා ගැනීමේ භාග්‍ය උදා වී ඇත. මෙම පාසලේ ආරම්භය සිසුන්
පස් දෙනෙකුගෙන් ඉතා සුළුවෙන් වූවකි. පසුව දින කිහිපයකින්ම සිසුන් 500 පමණ දක්වා වර්ධනය වී ඇති බව
පාසලේ ලොග් සටහන් පරික්ෂා කිරීමෙන් පැහැදිලි වේ. එවැනි පසුබිමක් තුළින් වර්ධනය වූ
මෙම පාසලෙන් බිහිවූ විද්වතුන් වෛද්‍යවරුන් , කලාකරුවන්, ඉංජිනේරුවන් වශයෙන් දෙස් විදෙස් රටවල පවා ඉහළ
තනතුරු හොබවයි. මෙම විද්‍යාලය අද වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පාසල් පද්ධතියට එක්
වෙමින් ගුරු භවතුන් 141
ක් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2500
කට ආසන්න සංඛ්‍යාවකින් ද සමන්විත විශාල පාසල් ප්‍රජාවක් සහිත ව විශ්ව ග්‍රාමයට
එක්වීමට පෙර ගමන් අරඹා ඇත.
මෙම විද්‍යාලයේ ප්‍රථම
විදුහල්පති වීමේ ගෞරවය හිමිවන්නේ වී. එෆ්.ඕ. ද සිල්වා මැතිතුමාටය. එවන් ආරම්භයක සිට මේ
වන විට විදුහල්පති මහත්ම මහත්මීන් 18 දෙනෙකු පමණ සේවය කර ඇත.
අ.පො.ස. (සා/පෙළ), (උ.පෙළ) විද්‍යාගාර පහසුකම් සහිත , තාක්ෂණ විෂයය ධාරාවන්ට අමතරව
මෑතදී අඛණ්ඩ අධ්‍යාපන විෂය ධාරාවන්ද ඇතුළත් වූ පාසලකි. ගණිතාගාර පහසුකම් විද්‍යාගාර
පහසුකම්, පරිගණක
විද්‍යාගාර පහසුකම් මධ්‍යස්ථානයක් සහ ඉංජිනේරු තාක්ෂණ පීඨයක්ද ඇත. මේ වන විට පාසල
තුළ ස්මාර්ට් පන්තිකාමර සංකල්පයද ආරම්භ කර ඇත. අක්කර 07ක භූමි ප්‍රදේශයක් පුරා විවිධ
අංශ වලින් යුත් දේ ස්ථාපිතව ඇත. ක්‍රීඩා පිට්ටනි 02ක්ද සිසුන්ට අවශ්‍ය විවිධාකාරයේ ක්‍රීඩා කිරීමේ
පහසුකම් ද සලසා ඇත.
පැරකුම් මාතාව තුළ යාවත්කාලීනව
ක්‍රියාත්මක වන ක්‍රියාකාරී
විෂය සමගාමී හා විෂයය බාහිර ක්‍රියාකාරකම් රැසක් පවත්වාගෙන යන අතර එමගින් තම
සහජ දක්ෂතා වර්ධනය කර ගනිමින් ජයග්‍රහණයේ හිණිපෙත්ත කරා ගමන් කිරීමට අප දූ පුතුන්ට
හැකි වී ඇත.විශේෂයෙන් ම මේ වන විට පාසලේ විවිධ ක්‍රීඩා වර්ග 15 ක් මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්
14 ක් ද, ක්‍රියාත්මක කෙරෙන අතර ක්‍රීඩාව , සෞන්දර්ය සහ විදේශ භාෂා, තොරතුරු තාක්ෂණ දැනුම මෙන්ම නව
ලෝකයට ගැළපෙන ලෙස දරුවන්ට දැනුම ප්‍රායෝගිකව ලබා ගැනීමට අවස්ථාව සලසා දීම උදෙසා
සැලසුම් සකස් කර ක්‍රියාත්මක වෙමින් පවතී.