සියනෑ කෝරලය තුළ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ප්‍රධාන
නගර මධ්‍යයේ පිහිටි මෙම විද්‍යාලය අද හදුන්වන්නේ බප/ගම්/ ශ්‍රී සිද්ධාර්ථ කුමාර
මහා විද්‍යාලය යන නමිනි.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේමැදගම ග්‍රාමසේවා වසමට අයත්ව ශ්‍රී
විජය ශ්‍රී මාවත, ගම්පහ ලිපිනයේ මැදගම සුනන්දාරාම විහාරස්ථානයට යාබදව මෙම විද්‍යාලය
පිහිටා ඇත.
ප්‍රධාන නගර මධ්‍යයේ පිහිටියේ වුව ද හරිත වර්ණයෙන් සැරසුන නිසංසල අධ්‍යාපනයට
සුදුසු ඉගෙනුම් පරිසරයක් මෙම විද්‍යාලය සතු ය.
සිංහල බෞද්ධ මිශ්‍ර පාලසක් වූ මෙම විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට
දහතුන වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. පළමු ශ්‍රේණියේ සිට එකොළොස් වන ශ්‍රේණිය
දක්වා සමාන්තර පන්ති තුන බැගින් පැවැත්වේ. උසස් පෙළ අංශයේ කලා වාණිජ්‍ය විෂය
ධාරාවන් දෙක යටතේ පන්ති පැවැත්වේ.
වර්තමානය වන විට සිසු සිසුවියන් එක් දහස් හාරසියයක් පමණ අධ්‍යාපනය
ලබන, සම්පත් දායකත්වය සපයන ගුරුභවතුන් හැටපහක් පමණ සේවය කරන, අනධ්‍යන කාර්ය මණ්ඩලය
දොළොස් දෙනෙක් පමණ දායකත්වය සපයන පාසලකි.
තෙමහල් ගොඩනැගිලි තුනක්,
තනි මහල් ගොඩනැගිලි හයක් ප්‍රධාන ශාලාවක් විද්‍යාලය සතුය. විද්‍යාලයීය විද්‍යාගාරය,
සෞන්දර්ය අංශය, ක්‍රීඩා ඒකකය, කෘෂි කර්ම හා ගෘහ විද්‍යා අංශය විද්‍යාලයේ හර බර බව
පෝෂණය කරයි.
වර්තමානය වන විට පළමු ශ්‍රේණියට මෙන්ම සෙසු පන්ති වලටත් සිසුන් ඇතුළත්
කිරීමේ දී දෙමාපියන්ගේ තරගකාරිත්වයක් පවතින ගම්පහ නගරය තුළ ජනප්‍රිය පාසලක් බවට
ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය පත්ව ඇත.
ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය වර්තමානයේ පත්ව ඇති
උත්කර්ශවත් අවස්ථාවට පැමිණ ඇත්තේ ඉතා දිගු ඉතිහාසයක මග සලකුණු අභිමානයෙන් හා
ගෞරවයෙන් සිහිපත් කළ හැකි බව අවිවාදාත්මක ය.