කොළඹ මහනුවර මාර්ගයේ කොකිස්කඩේ හන්දියෙන් වමට හැරී කොස්සින්න මාර්ගයේ මීටර් 500 ගොස් නැවත වමට හැරී හෙට්ටිකන්ද මාර්ගයේ මීටර් 500 යනවිට වම්පස සුන්දර භූමි භාගයක පිහිටා ඇත. 1950 වර්ෂයේ ආරම්භ කර ඇති අතර ගොඩනැගිලි පිිහිටි භූමිය අක්කර 2කින් ද ක්‍රීඩා පිටිය අක්කර 2කින්ද යුක්ත වේ.මනා කැපවීමකින් කටයුතු කරන කාර්ය මණ්ඩලයක් හා විනය ගරුක දරු පිරිසක් අධ්‍යාපනය හදාරන පින්බිමකි.
යහපත් භෞතිත පරිසරයකින් යුක්ත වන මෙම පාසල කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටා ඇති අතර විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට අධ්‍යාපනය හැදෑරීමට විභවතාවයක් ඇති බැවින් මේ පිළිබද ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමුකිරිම වැදගත්ය.