School Cover
School Principal

Sri Vijaya Maha Vidyalaya

Gampaha Division Census ID: 01144

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

1939.09.28 දින බුළුගහගොඩ ශ්‍රී විජය බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ආරම්භ කර ඇති අතර පළමු මුල් ගුරුවරයා එස්.පී.ඒ. ප්‍රනාන්දු වූ අතර උපගුරුවරයා එස්.ඊ. ප්‍රනාන්දු විය. 1940 පාසල් නිරීක්ෂණ වාර්තා අනුව සිසුන් දෙදෙනෙකු පමණ අධ්‍යාපනය ලබා ඇත. 1958 වර්ෂය වන විට පාසලේ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් මැහුම් හා වඩු කර්මාන්තය පන්ති ආරම්භ කිරීම බාල දක්ෂ කණ්ඩායම් ජයග්‍රහණය කිරීම පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ආදිය සිදු වී ඇත. 1961 වර්ෂය වන විට සිසුන් 340ක් සහ ගුරුවරුන් 13 සිට ඇති අතර ශාන්ත ජෝන් ගිලන්රථ සේවාව ප්‍රතමාධාර පන්ති ආරම්භ කිරීම සමස්ත ලංකා කවි ගායනා තරග දිනා ගැනීම තූර්ය වාදන තරග දිනා ගැනීම බාලදක්ෂ  තරග දිනා ගැනීම ආදී විවිධ අංශවලින් මෙම පාසල ඉදිරියෙන්ම සිට ඇති බව පෙනී යයි. 1961-01-15 දින අධ්‍යක්ෂ පාලිත පාසල් රජයට පවරා ගැනීම යටතේ රජයට පවරා ගෙන තිබේ. 1963-01-01 බුළුගහගොඩ ශ්‍රී විජය මහා විද්‍යාලය නමින් විද්‍යා, කලා, වාණිජ , හස්ත කර්මාන්ත ආදී මාර්ග ඇති මිශ්‍ර ජ්‍යෙෂ්ඨ මහා විද්‍යාලයක් බවට පත්කර ඇත. පසුව ප්‍රාථමික අංශය වෙන වෙනමම පාඨශාලාවක් ලෙස වෙන් කිරීම සිදුකර ඇත.1968 වර්ෂයේදී නැවත ප්‍රාථමික අංශය මහා විද්‍යාලයක් සමග ඒකාබද්ධ කරන ලදී. මෙම පාසල අද වනවිට සිසුන් 301 සහ ගුරුවරුන් 16ක් බවට පත්ව ඇත. මෙම පාසල ගණේමුල්ල නගරයෙහි සිට කිලෝමීටර 2.5 දුරින් පිහිටා ඇත. එසේම 2020 අ.පො.ස   (උ.පෙ) විභාගය කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම විද්‍යාලයේ පවත්වනු ලැබුවේ ඉතිහාසයේ පළමුවරටය. 

බොහෝ දෙමාපියන් පාසල් අධ්‍යාපනය සම්පූරිණ කළ අය නොවන අතර පවුල් ආරවුල් සුලබව දැකිය හැකිය. බොහෝ දෙමාපියන් තම දරුවා  අ.පො.ස    ( සා.පෙ) විභාගය දක්වා ඉගෙනීම ඉතාමත් ප්‍රමාණකොට සලකයි. මෙම දරුවන්ගේ නිවෙස්වල ද ඉගෙනුම් පරිසරයක් නොමැති අතර ඉගෙනුම සදහා දිරිමත් කිරීමක් නොමැත. සිසුන් අඛණ්ඩව පාසල් පැමිණීම ද දුර්වල මට්ටමක පවතී.

සංඛ්‍යාලේඛන (Statistics)

19
Teachers
152
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal Ruwani Sajitha Koralearachchi
Contact Number 0716978078
Postal Address Sri Vijaya Maha Vidyalaya,
Bulugahagoda,
Ganemulla.