School Cover
School Principal

මාබිම විද්‍යාකර මහා විද්‍යාලය

Gampaha Division Census ID: 01146

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

බප/ගම්/මාබිම විද්‍යාකර මහා විද්‍යාලය බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ අධ්‍යාපන කලාපයේ, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස අංක 217 මාබිම ප්‍රදේශයට අයත් ගම්පහ ජා-ඇල 201 ප්‍රධන බස් පාරේ වැලිකඩ හන්දියේ පිහිටා ඇත.ගම්පහ පාඨශාලා ප්‍රතිසංවිධාන අනුව විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලය පවතින භූමියේම 1963.02.01 දින අභිනවයෙන් විද්‍යාකර මහා විද්‍යාලය ආරම්භ කරන ලදී. එම අංශයේ විදුහල්පති ලෙස ජී.ගනේපොල මහතා වැඩ භාර ගෙන ඇත. එතුමාගේ අප්‍රහිත උත්සාහය හා මැදිහත්වීම අනුව වර්තමාන විද්‍යාකර මහා විද්‍යාලය පිහිටි මෙම භූමිය රජයට පවරාගෙන පළමු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කරන ලදී.ඉන් පසුව 1968.01.14 දින සිට 1970.07.07 දක්වා විද්‍යාලයේ විදුහල්පති ලෙස ගෝමස් මහතාද, 1970.07.07 දින සිට 1976.12.09 දක්වා එච්.ටී.පෙරේරා විදුහල්පතිතුමාද, 1977.01.01 දින සිට 1977.09.01 දක්වා එල්.ජි.එම්.පෙරේරා විදුහල්පතිතුමාද, 1977.09.05 දින සිට 1980.01.21 දක්වා යූ.එස්. සමරවික්‍රම විදුහල්පතිතුමාද,1980.01.22 දින සිට 1991.01.02 දක්වා ඩබ්.එස්.විජේසිංහ විදුහල්පතිතුමියද, 1991.01.02 දින සිට 1993.09.01 දක්වා එච්.ඒ.ඩි.එම්මානුවෙල් විදුහල්පතිතුමාද, 1993.09.01 දින සිට 1994.04.26 දක්වා රාජකරුණා සෙනෙවිරත්න බණ්ඩාර විදුහල්පතිතුමියද, 1994.07.15 දින සිට එල්.එල්. තිලකරත්න විදුහල්පතිතුමාද, 2011.05.09 දින සිට 2011.11.28 දක්වා එච්.එම්.සාලින්ද කුමාර හේරත් විදුහල්පතිතුමාද, 2011.12.29 දින සිට 2018.06.26 දක්වා එච්.ටී. ජයසිංහ විදුහල්පතිතුමියද, 2018.11.21 දින සිට 2021.12.16 දක්වා එම්.එම්.අමරවීර විදුහල්පතිතුමාද, 2021.01.31 දින සිට 2022.01.31 දක්වා එම්.ඒ,කේ.එන්. පෙරේරා විදුහල්පතිතුමියද, විද්‍යාලයේ විදුහල්පතිවරුන් ලෙස කටයුතු කර ඇත.

2022.01.31 දින ඩබ්.ඒ.වි.එල්. විජේසූරිය මහත්මා නව විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදී. එතුමා විදුහල්පති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු විද්‍යාලයේ ක්‍රීඩා අංශය නව මාවතකට යොමු කරමින් කබඩි ක්‍රිඩාව හා වොලිබෝල් ක්‍රීඩාව සංවර්ධනය කර ජයග්‍රහණ රාශියක් පාසලට ගෙන ඒමට කටයුතු කළේය. 2023,2024,2025 වර්ෂ වලදී පාසල් වොලිබෝල් කණ්ඩායම DSI SUPER SPORT පාසල් සමස්ත ලංකා වොලිබෝල් තරග වලින් අනුශූරතාවය ලබා ඇත. ගම්පහ අධ්‍යාපන කලාපයේ අ.පො.ස. සාපෙළ විභාගයේ කලාපයේ ඉලක්ක ප්‍රතිශතය අභිබවා විද්‍යාලයේ ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන් 2024 වර්ණ ප්‍රදානයේදී විදුහල සම්මානයට පාත්‍ර විය.

සංඛ්‍යාලේඛන (Statistics)

24
Teachers
175
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal ඩබ්.ඒ.වි.එල්.විජේසූරිය
Contact Number 0332237676
Postal Address බප/ගම්/මාබිම විද්‍යාකර මහා විද්‍යාලය, මාබිම,මාකේවිට