සියනෑ පුරයේ වැලිවේරිය නගරයේ පිහිටි මද්දුම බණ්ඩාර විදු මාතාව නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වේ. විද්‍යාගාර පහසුකම් , ක්‍රීඩා පිටියක් , මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් , සුහුරු පන්ති කාමරයක් වැනි අංශ වලින් අංග සම්පූර්ණ අප විද්‍යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක් වේ