බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ කලාපයේ ගම්පහ ගම්පහ කොට්ඨාසයේ ඉඹුල්ගොඩ ග්‍රාමයේ පිහිටි සුන්දර පාසලකි.වසර 110 ක ඉතිහාසයකට උරුමකම් කියන මෙම පාසල වර්ෂ 1910 දි පහළ ඉඹුල්ගොඩ ඩී.ඒ.ප්‍රැන්සිස්කු මහතාගේ පෞද්ගලික ඉඩමක තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කර "වැවේ පාසල" නමින් ආරම්භ කර ඇත.1944 වර්ෂයේ දි මෙම පාසල රජයේ පාසලක් ලෙස ලියාපදිංචි කර ඇත. 1963 වර්ෂයේ සිදු කළ පාසල් ප්‍රතිසංවිධානයේ දි වැවෙි පාසල නමින් හැදින් වූ මෙම විද්‍යාලය විහාරමහාදේවි කනිෂ්ඨ විද්‍යාලය ලෙස නම් කර ඇත.
මෙම විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනිය ලෙස එම්.එස්.ඩී.පෙරේරා මහත්මිය කටයුතු කරන අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 110 ක් පමණ ඉගෙනුම ලබයි. නගරයෙන් සහ ප්‍රධාන මාර්ගයෙන් දුරස්ව පිහිටි මෙම විද්‍යාලය ප්‍රවාහන අපහසුතා,සම්පත් හිඟතාවය ආදි අභියෝග රැසකට මුහුණ දෙමින් පවත්වා ගෙන යනු ලබන පාසලකි.