1937 වසරේදී ගමේ පොල්අතු මඩුවකින්ම්භ ආරම්භ වූ මෙම පාසලේ මුල්ම විදුහල්පති ලෙස D.Y.මල්ලවාරච්චි මහතා පත්විය. අවුරුදු ගණනාවකින් පසු බණ්ඩාරනායක මහතාගේ ඉල්ලීමක් මත අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වූ අරනෝලිස් වෙද මහතා පරිත්‍යාග කරන ලද ඉඩමකට ගෙන යන ලදී.එහි ඉදිකළ පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා වූයේ S.A.M.සිරිමාන්න මහතාය. එතැන් සිට අද දක්වා වර්තමාන විදුහල්පතිතුමා ඇතුළුව විදුහල්පතිවරුන් ගණනාවක් මෙම විදුහලේ සේවය කරමින් පාසල දියුණුව උදෙසා කැපවීමෙන් වැඩ කටයුතු සිදුකර ඇත.