බප/ගම්/කිරිඳිවිට ගැමුණු
කනිෂ්ඨ විද්‍යාලය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ අධ්‍යාපන කලාපයේ
ගම්පහ කොට්ඨාසයට අයත් 2 වර්ගයේ
මිශ්‍ර පාසලකි.
ගම්පහ
සිට කි.මි. 5 ක්
පමණ දුරින් ගම්පහ ජා ඇල මාර්ගයේ ඇති කිරිදිවිට හන්දියේ සිට ගණේමුල්ල දක්වා මාර්ගයේ
මීටර් 50
ක් දුරින් පාර දෙපස පිහිටා ඇති මෙම පාසලේ ප්‍රාථමික අංශයේ භුමි
ප්‍රමාණය පර්චස් 35
ක් වන අතර ද්විතියික අංශය රූඩි 1 පර්චස්
1.8 කි.
දැනට මෙය 1-11 ශ්‍රේණි පංති පැවැත්වෙන පාසලකි. කිරිඳිවිට ගැමුණු කනිෂ්ඨ විදුහල් පියසෙහි වර්තමානයේ ශිෂ්‍ය සංඛ්‍යාව 150 ක් පමණ වන අතර ගුරු භවතුන් 16 දෙනෙකි.
2024 (2025) අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා අප විද්‍යාලයේ පෙනී සිටි දරුවන්ගෙන් 89 % අ.පො.ස. (උ.පෙළ) සඳහා සුදුසුකම් ලබා ඇත.ඊට අමතරව සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, චිත්‍ර කලාව,නර්තනය හා සමාජ විද්‍යාව යන අංශ වලින් කලාප,පළාත්, සමස්ත ලංකා ජයග්‍රහණ පාසලට ලැබී ඇත.
රජය විසින් ක්‍රියාත්මක තිරසාර සංවර්ධන ව්‍යාපෘති 5 සහ වගා සංග්‍රාම වැඩසටහන් පාසල තුළ සාර්ථක අන්දමින් සිදුවෙමින් පවතී. එමෙන්ම පාසලෙහි කසළ කළමනාකරණය, ඩෙංගු මර්දන ව්‍යාපෘති, පෝෂණ ව්‍යාපෘති, අඛණ්ඩව සිදුවෙයි.
“කෘතිම බුද්ධියට සුහුරු දරුවෙක්” පාසල් දැක්ම යටතේ විවිධාකාර
වූ ඉගෙනුම් අත්දැකීම් ලබමින් යහ පැවතුම් හා ආකල්ප සංවර්ධනය කර ගනිමින් විනය ගරුක
හා දැනුමින් යුත් නිර්මාණශීලි හැකියාවෙන් හෙබි
දරු පරපුරක් බිහි කිරීම අප විද්‍යාලයේ පරමාර්ථය වේ.