School Cover
School Principal

බප/ගම්/මාබිම විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලය

Gampaha Division Census ID: 01172

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

බස්නාහිර පළාතේ,ගම්පහ දිස්ත්‍රික්කයේ,ගම්පහ අධ්‍යාපන කලාපයේ,ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයට අයත් මාබිම විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලය ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් වන අතර, වසර සියයකට වඩා වැඩි අතීතයකට හිමිකම් කියන්නකි.

ආරම්භය සිදු වූ ආකාරය නිශ්චිතවම කිව නොහැකි වුවත් මෙම පාසල ආරම්භ කරන ලද්දේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසිනි.එවකට මෙහි නම වූයේ මාබිම ඉංග්‍රීසි බෞද්ධ මිශ්‍ර පාඨශාලාව යන්නයි. 1956 වන විට මාබිම බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ලෙස නම් කර ඇත.

ලිඛිත සාධක ආශ්‍රිත කොටගෙන එළඹිය හැකි නිගමනයක් වන්නේ 1910 වන විටත් දරුවන් 185 ක් පමණ සිටි පාසලක් බවයි. විද්‍යාල භූමිය අක්කර බාගයක් පමණ වූ අතර පළමු ශ්‍රේණියේ සිට 8 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවතුනු ප්‍රාරම්භය ලෙසින් හැඳින්වුණු විභාගය ඉලක්ක කොටගත් පාසලක් ලෙස පැවති බවට සාක්ෂි ඇත.වත්මන් පාසල් ඉඩම පරිත්‍යාග කරන ලද්දේ මාකේවිට විසූ දොස්තර ඒ.ඩී.ගුණසේකර මහතා වන අතර එවකට ඔහු මෙම පාසලේ සේවය කරන ලද ගුරුවරයෙකුද විය. මාකේවිට අම්බරුක්ඛාරාම විහාරාධිපති දොඹවල ගුණානන්ද ස්වාමීන් වහන්සේ මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.

ලිඛිත සාධක අනුව 1931 සිට 1959 දක්වා විද්‍යාලයේ විදුහල්පති ලෙස සිටි ඩබ්ලිව්.ඒ.විජේවර්ධන මහතාගේ කාලයේ සිට අද දක්වා පාසල පිළිබඳ තොරතුරු පැහැදිලි ලෙසම පවතී.1962 වර්ෂයේදී පාසල මුළුමනින්ම රජයට පවරා ගන්නා ලදී.1963 දී මාබිම බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, මාබිම විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලය සහ මාබිම විද්‍යාකර මහා විද්‍යාලය වශයෙන් පාසල් දෙකක් ලෙස වෙන් කිරීම සිදු විය. පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය අවසානය දක්වා වත්මන් පාසල් භූමියේ පන්ති පැවැත්වෙන අතර හය වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පන්ති වත්මන් මාබිම විද්‍යාකර මහා විද්‍යාලයේ පැවැත්වේ.









සංඛ්‍යාලේඛන (Statistics)

9
Teachers
168
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal D.V.I.L.දික්වැල්ල මිය
Contact Number 0332239255
Postal Address මාබිම, මාකේවිට