පාසල, කිරිඳිවැල හංවැල්ල ප්‍රධාන
මාර්ගයට මුහුණලා පිහිටා ඇත. පාසල් භූමිය අක්කර
තුනක් හා ක්‍රීඩා පිටිය අක්කර 1.5 ක භූමි ප්‍රමාණයකින් යුක්තය. ක්‍රීඩා පිටිය ප්‍රධාන මාර්ගයෙන් වෙන් වී ඇති අතර
පාසල නවීන තෙමහල් ගොඩනැගිල්ලක්, දෙමහල් ගොඩනැගිලි තුනක්, තනිමහල් ගොඩනැගිලි, විද්‍යාගාරයක්, තාක්ෂණ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, පරිඝණක ඒකකයක් හා බුදු
මැදුරකින් සමන්විත වේ. පාසලේ මුළු ශිෂය සංඛ්‍යාව 810 ක් වන අතර විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය 46 වන අතර අනධ්‍යයන
කාර්ය මණ්ඩලය පස් දෙනෙක් වේ.මෙම විද්‍යාලය
6 සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන 1AB වර්යේ පාසලකි. මෙම පාසල නවීන තාක්ෂණ පහසුකම් සපයමින්, පරිසර හිතකාමී ඉතාමත් අලංකාර ලෙස පරිසරය පවත්වාගමින්, දරුවන්ගේ දැනුම මෙන්ම ගුණ ධර්ම ආකල්ප සංවර්ධනය කරමින් ඉදිරියට ම යන පාසලකි.