School Cover
School Principal

GM/SIRI PERAKUMBA MAHA VIDYALAYA,

Dompe Division Census ID: 01234

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

සිරි පැරකුම්බා රජමහා විහාරාධිපතිව වැඩ සිටි බත්ගම්ගොඩ මා හිමියන්,බානගල දොන් අදෝනිස් කොඩිකාර වෙද මැතිඳුන් ඇතුළු ප්‍රදේශයේ ප්‍රභුන්ගේ ද සහාය ඇතිව විහාරයේ බණ මඩුවේ සිසුන් 11 න් 1895 දී මෙම පාසල ආරම්භ කර ඇත.පළමුවෙනි ගුරුවරයා බත්ගම්ගොඩ හිමියන් ය.පළමු ශිෂ්‍යයා වානලුවාවේ යූ.ඒ.දාවිස් සිංඤා් ය.1905 දි පරමවිඥානාර්ථ සමාගමට පවරා ගැනීමෙන් අනතුරුව පළමු ගුරුවරයා වූයේ දොම්පෙ කොරා‌ඹේ පවුලිස් ගුරුන්නාන්සේ ය.පිරිමි ළමුන් පමණක් අධ්‍යාපනය ලැබූ අතර ඩී.ඒ.සමරසේකර මහතා මුල් ගුරුවරයා වීමෙන් පසු ගැහැනු ළමුන් ද පාසලට ඇතුළත් විය.පුරා වසර 30ක පමණ කාලයක්  සේවය කළ සමරසේකර මහතාගෙන් පසු 1946 දී ආටිගල ජයසුන්දර මහතා විදුහල්පති විය.

ගමේ පිරිසගේ උත්සාහයක් මත 1963 දී මහා විද්‍යාලයක්  ලෙස ලුණුගම සිරි පැරකුම්බා මහ විදුහල යනුවෙන් නම් කරන ලදී. 01 ශ්‍රේණියේ සිට 13  ශ්‍රේණිය දක්වා පංති ආරම්භ වූ අතර අ.පො.ස (උ.පෙළ) කලා / වාණිජ යන වීෂය ධාරාවන් ද ඇරඹුණි. පසුව විදුහල්පති ධූරය ට පැමිණි නිශ්ශංක මහතා 1965 වර්ෂය තෙක් සිය ධූරය දැරීය. 1965-1968 කාලය තුළ එම්.පී.ගුණවර්ධන මහතා ද 1968 වර්ෂයේ ඩී.එස්.සුභවික්‍රම මහතා ද 1968-1969 තිලකරත්න මහතා ද එම්.ඩී.ඩී.ගුණසේකර මහතා 1969-1970 කාලය තෙක් ද 1973-1977 දක්වා පඤ්ඤාසෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද ඒ.කේ.ඤාණතිලක මහතා 1977-1982 දක්වා ද එම්.ඒ.සුමනසේන මයා 1982-1984 දක්වා ද එස්.එම්.ඒ.රන්බණ්ඩාර මයා 1984-1986 දක්වා ද ඩබ්.ඒ.ඩී.සී.විජේසූරිය මහතා 1986-1991 දක්වා ද අයි.ඩබ්.එම්.පී.වික්‍රමතිලක මහතා ද 1991 වර්ෂයේ ද 1991 සිට 2013 දක්වා එස්.එම් ඥානරත්න මහතා ද 2013-2018 දක්වා යූ.ඒ.අනූෂ ප්‍රේමරත්න මහතා ද 2018 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා එච්.ඒ.එල්.ප්‍රේමතුංග මහතා විදුහල්පති ධූරය හොබවා ඇත.

වර්තමානය වන විට සිසුන් 201 හා ගුරු භවතුන් 23 දෙනෙකුගෙන් සමන්විත මෙම පාසලෙහි අනධ්‍යයන සේවකයින් සතර දෙනෙකුගෙන් යුක්ත ය. 2019 වර්ෂයේ විදුහල්පපති ධූරය ට පැමිණි වර්තමාන විදුහල්පති පාලිත හේවාමුදලි මහතාගේ නායකත්වය යටතේ සිරි පැරකුම්බා මහා විද්‍යාලය නව මාවතක් කරා ගමන් කරමින් සිටී.


 

සංඛ්‍යාලේඛන (Statistics)

23
Teachers
201
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal පාලිත හේවාමුදලි මයා
Contact Number 0112409765
Postal Address බප/ගම් සිරි පැරකුම්බා මහා විද්‍යාලය,ලුණුගම.