මල්වාන මහා විද්‍යාලය
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතා
දුෂ්කර ප්‍රදේශයක පිහිටි පාසලකි. මෙම පාසල ගම්පහ අධ්‍යාපන කලාපයේ දොම්පේ අධ්‍යාපන කොට්ඨාසයට
අයත් විදුහලකි. කොළඹ සිට කි.මි. 25ක් පමණ නැගෙනහිරින් කැළණි ගඟට ඉතා සමීපව පිහිටා
ඇති මෙම පාසල මල්වාන නගරයේ සිට මල්වාන සමන බැද්ද මහා මාර්ගයේ කි.මි. 1.6ක් ගිය තැන
හමුවෙයි. පාසලට ආසන්න කුඩා නගරයක් වන්නේ කි.මි. 1.6 දුරින් දොම්පෙ නගරයද කි.මි. 17
දුරින් හංවැල්ල නගරය ද පිහිටා ඇත.
කොළඹ සිට මල්වාන හරහා
දෙකටන බලා යන බස්රථ වලින් මල්වාන නගරයට පැමිණ එතැන් සිට කි.මි. 1.6ක් දුරක් පැය
කිහිපයකට වරක් ධාවනය වන හංවැල්ල කඩුවෙල (237) බස්රථයකින් හෝ කුලී රථයකින් හෝ පයින්
ගමන් කිරීමෙන් පාසලට ළගා විය හැක. දොම්පෙ හෝ දෙකටන සිට මල්වාන බලා විහිදෙන මහා
මාර්ගයේ කලුකොදයාවට පැමිණ “දිමුතු පෙදෙස“ මාර්ගය ඔස්සේ පයින් හෝ පෞද්ගලික රථයකින්
ගමන් කිරීමෙන් ද මෙම විදුහලට ළඟා විය හැකිය.
මීට අමතරව හංවැල්ල
කඩුවෙල (237) බස් මාර්ගයේ බස්රථයකින් කි.මි. 17 දුරක් පැමිණ පාසල ඉදිරියෙන් බැස ගත
හැකිය. එමෙන්ම දොම්පෙ සිට උඩමාපිටිගම මාර්ගයේ දෙහිගහ හේන දක්වා පැමිණ එතැනින්
මල්වාන මාර්ගයේ ගමන් කිරීමෙන් ද හංවැල්ල කඩුවෙල මාර්ගයේ නවගමුව දක්වා ගමන් කර
නවගමුව නගරය අසලින් කැළනි ගඟ හරහා අළුතින් ඉදිකල
පාලමෙන් පයින් හෝ කුලී රියකින් කි.මි. 2 පැමිණීමෙන් ද පාසලට ළඟා විය හැක.
පාසල් පරිශ්‍රය
උතුරින් හා නැගනහිරින් පහුරු ඔයත්, දකුණින් කැලණි නදියත් පිහිටා තිබීම නිසා වර්ෂා
කාලයට පාසලට පිවිසෙන සෑම පාරක් ම ගං වතුරට යට වුවද උස් බිමක පිහිටි බැවින්
ගංවතුරින් පාසලට හානියක් නැත. පාසලේ භූමි ප්‍රමාණය අක්කර 1.5 කි. මල්වාන මහ විදුහල මල්වාන (413), පහළ මාපිටිලම (412),
මොරහේන (412/A), උඩමාපිටිගම (411)
සහ කළුකොදයාව (402) යන ග්‍රාමසේවා වසම් වල දරුවන්ට සේවය සලසයි.
පාසලට පැමිණෙන
දරුවන්ගෙන් වැඩිදෙනෙක් අඩු ආදායම්ලාභී පවුල් වලට අයත් වෙති. ඔවුන්ගේ පියවරු
ගොවිතැන් කිරීම, රබර් කිරි කැපීම, කුලී වැඩ කිරීම, වැලි ගොඩ දැමීම හා ඇගළුම්
කම්හල් වල කම්කරුවන් ලෙස ජීවන වෘත්තීන් හි නිරත වෙති. මව්වරුන් බොහොමයක් ගෘහණියන්
වන අතර සුළු පිරිසක් ඇගළුම් කම්හල්වල සේවය කරයි. රාජ්‍ය සේවයේ හා ව්‍යාපාරවල නිරත
දෙමාපියන් සිටින්නේ 5% අඩු පිරිසකි.