බස්නාහිර
පළාතේ ගම්පහ අධ්‍යාපන කලාපයේ දොම්පෙ කොට්ඨාසයට අයත් මේරිලන්ඩ් කනිෂ්ඨ විද්‍යාලය
නමින් හැඳින්වෙන මෙම පාසල දැනට වසර 70 කට පමණ පෙර සිසුන් 40 දෙනෙකුගෙන් පමණ කුඩා පාසලක් ලෙස ආරම්භ කර ඇත. පාසලට මෙම නම ලැබී ඇත්තේ
මේරි නැමැති ඉංග්‍රීසි කාන්තාවකට අයත්ව තිබී රජයට පවරා ගන්නා ලද ඉඩමක ආරම්භ වූ
නිසාය.
1954-06-01 දින ආරම්භ කල මෙම පාසල එකල හැඳින්වූයේ මේරිලන්ඩ් ජනපදයේ මිශ්‍ර
පාඨශාලාව නමිනි. මුල් ගුරුතුමා වූයේ චන්ද්‍රසේන මහතාය. 1956 දී බාලාංශයේ සිට 6 ශ්‍රේණිය දක්වා පන්ති
ආරම්භ කර ඇති අතර ශිෂ්‍ය සංඛ්‍යාව 141 දක්වා ද ගුරු සංඛ්‍යාව
6 දක්වා ද වර්ධනය විය.
පසුව 1956-01-01 දින කරුණාරත්න ගුරුතුමා වැඩ භාර ගෙන ඇත.
අභිනව පාසල් ගොඩනැගිල්ල 1957-02-20 දින සෑදීම ආරම්භ කර ඇත.
ඒ වන විට අක්කර 2 ක ඉඩම, ළිඳක්
සහ ගුරු නිවාසයක් පාසල සතු විය. 1959 දි බාලදක්ෂ කණ්ඩායමක්
ආරම්භ කර ඇත. 1960 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව සහ ගුරු සංඛ්‍යාව
වැඩි වී ඇත. 1964 දී එස්.සී.නිශ්ශංක මහතා විදුහල්පති ලෙස
වැඩ භාරගෙන ඇත.
1983 වර්ෂයේදී බුදු මැදුර සාදා නිම කරන ලදී. 1985-02-01 ජී.එම්.ගුණතිලක මහතා විදුහල්පති ලෙස පත්වී ඇත. 1993 වර්ෂයේ වාර්ෂික විවිධ ප්‍රසංගයක් හා 1994-01-26 උත්කර්ශවත් ක්‍රීඩා උත්සවයක් පවත්වා ඇත. පාසලේ නම බිත්ති මත සිමෙන්ති
අක්ෂර මඟින් නිර්මාණය කරන ලදී. 1996-08-07 දින
ජී.ඒ.සී.සෙනෙවිරත්න මහත්මිය විදුහල්පති තනතුරේ වැඩ භාරගෙන ඇත. මෙකල පාසලට ජලනල
පද්ධතියක්,ළමා
උද්‍යානයක්,
හරිතාගරයක්
සහ ක්‍රිඩා පිටියක් සකස්කරන ලදී.
2000.04.14 දින කේ. ඒ. උපනන්ද කස්තුරි මහතා විදුහල්පති තනතුරේ වැඩ භාරගන්නා ලදී.
එකල පුස්තකාලය උත්සවාකාරයෙන් විවෘත කර ගුරු උපහාර උළෙලක් පවත්වන ලදී.2004-12-16 දින ඩබ්.පී.කරුණාපාල මහතා විදුහල්පති ලෙස වැඩ භාර ගෙන ඇත. විශේෂ අධ්‍යාපනඒකයක්ද
පිහිටුවා ඒ සඳහා ගුරුමහත්ම මහත්මීන්ද යෙදවා ඇත. සෞන්දර්යය අංශය පළාත් මට්ටමින්
ජයග්‍රහණ කීපයක්ද හිමිකර ගෙන ඇත. 2011-06-08 දින උදිත ආරියදාස
මහතා විදුහල්පති ලෙස පත්විය. එකල කෘෂි විද්‍යා ප්‍රදර්ශනයක් පවත්වා ගම්පහ කලාපයේ
පාසල් අතරින් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කරගන්නා ලදී. 5S සංකල්පය
යටතේ 2016
වර්ෂයේ වසරේ ඵලදායිතා කුසලතා සම්මාන සහතිකයද හිමි විය.2017-11-13ඒ.එස්. නෙවිල් කුමාර මහතා වැඩ භාරගන්නා ලදී. එතුමාගේ මඟපෙන්වීම
යටතේපාසලේ දියුණුවට හා දරුවන්ගේ ආකල්ප කුසලතා සංවර්ධනයට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විය.දෙමාපිය ගුරු සිසු සහය ලබා ගනිමින්
සෞන්දර්යාත්මක හා ක්‍රීඩාව තුළින් සිසුන් ගේ පෞරුෂවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක විය.
2020-10-05 දින වැඩ භාරගත්
වර්තමාන විදුහල්පති එච්.වී.පී.ආර්. කරුණාරත්න මහත්මිය පාසලේ අධ්‍යාපන හා භෞතික
සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මේරිලන්ඩ් කනිෂ්ඨ විද්‍යාලයේ
ඉතිහාසගත වාර්තාවක් ලෙස 2023 අ.පො.ස. (සා. පෙළ.) සියලු
විෂයයන් සඳහා විශිෂ්ඨ සාමාර්ථයන් සහිත සිසුවෙක් ඇතුළුව සමත් ප්‍රතිශතය
100% දක්වා වැඩි කර ගනිමින් ඉහළ සමත් ප්‍රතිශතයක් හඹා සිටි.විෂය
සමගාමී කටයුතු වන පරිසරභට හා චෙස් ක්‍රීඩාව හා ගෙවතු වගා තරඟ සඳහා සිසුන් යොමු
කරමින් සිසුන්ගේ බාහිර ක්‍රියාකාරකම් ද සංවර්ධනය කරමින් පාසල හා සිසුන්ගේ දියුණුව
වෙනුවෙන් කටයුතු කරමින් සිටී. තවද නායකත්ව පුහුණු වැඩමුළු,
ගී රසවින්දන වැඩසටහන්,
සිසුන්ගේ පෞරුෂ සංවර්ධන වැඩසටහන් සේම ගුරු
සිසු දෙමාපිය සබඳතා වැඩසටහන් මගින්
පාසලේ හා සිසුන්ගේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරමින් සිටී. දුරකථන අන්තර් ජාල සබදතා
ලබා ගැනිම.පැරණි ගුරු නිවාසය ප්‍රතිසංස්කරණය කිරිම.