වසර එකසිය විස්සක
සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන බප/ගම් තිත්තපත්තර කනිෂ්ඨ විද්‍යාලය වර්ෂ 1904
දී කො/තිත්තපත්තර බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ලෙස ආරම්භ වී ඇත. කරමානිස් පීරිස් සූරියප්පෙරුම
අප්පුහාමි හා ආර්.ඇම්.ඩී.ගේබ්‍රියල් ගම්පතිතුමා ආරම්භයේ මූලිකත්වය ගෙන
තිබේ.බෝමිරියේ දොන් අලහකෝන් මහතා පළමු මුල් ගුරුවරයාය.
වර්තමානයේ දොම්පේ අධ්‍යාපන
කොට්ඨාසයේ අඩු පහසුකම් සහිත ග්‍රාමීය පාසලක් ලෙස වැඩි ශිෂ්‍ය පිරිසකට අධ්‍යාපනය
ලබා දෙන අඩු සාධන මට්ටම් සහිත විවිධ ගැටළුවලින් යුක්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන් වාරණයකින්
තොරව පාසලට ඇතුළත් කරගනිමින් සැමගේ අධ්‍යාපන අයිතිය සුරකින අභිමානවත් ගෞරවනීය
පුරවැසියන් තැනීම ප්‍රමුඛ කාර්යය කර ගනිමින් ප්‍රදේශයට මහත් සේවයක් සලසයි.
අධ්‍යයන කාර්ය
මණ්ඩලයේ දාහත් දෙනෙක් ද අනධ්‍යන කාර්ය මණ්ඩලයේ තුන් දෙනෙක් ද සේවය කරන මෙහි ශිෂ්‍ය
ශිෂ්‍යාවන් 200 ක් ඉගෙනුම ලබති.ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ප්‍රමාණවත් ඉඩ පහසුකම්
නැති නූතන තාක්ෂණික දියුණුවට සරිලන 21 වන සියවසේ කුසලතා වර්ධනයට අවශ්‍ය කරන ඇල්ෆා
පරම්පරාවට උචිත අධ්‍යාපනික පහසුකම් ලබා දිමට නොහැකිවීම විශේෂයෙන් දක්නට ලැබෙන්නකි.
සුහුරු පන්තිකාමරයක් ඇතත් එහි පහසුකම් ඇත්තේ අවම මට්ටමකය.
ක්‍රීඩාවට දක්ෂ
දරුවන් සිටිනමුත් ඔවුන්ගේ දක්ෂතාවලට අවස්ථා නොලැබී ඇත්තේ පුහුණුකරුවන්
නොමැතිකමිනි. විෂය බාහිර සහ විෂය සමගාමී විෂයමාලා ක්‍රියාත්මක කිරීමේදී
සම්පත්දායකයන්ගේ අඩුව පිරිමසා ගැනීමට තරම් වත්කමක් පාසල් සංවර්ධන සමිති ගිණුමෙහි
නොමැත. නිසි අධ්‍යාපනයක් නොලද ආවාහ විවාහාදියෙන් වෙන් වූ බිඳුණු පවුල්වලින්
පැමිණෙන ආර්ථික අපහසුතාවලින් යුක්ත වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස වැඩි වශයෙන් සිටින
සමාජ පරිසරයෙහි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ගැවසෙන අනාගත අපේක්ෂා අවම මට්ටමක
තිබෙන පවුල්වල දරුවන් ඉගෙනුම ලබන හෙයින් විවිධ ගැටළු නිරන්තරයෙන් මතුවේ. සොරුන්ගේ
ක්‍රියාකාරකම්වලින් අනාරක්ෂිත වන්නේ කිසිදු මුරකරුවෙකු නොමැති නිසාය.
2019
වසරේ සිට නොකඩවා ශිෂ්‍යත්ව විභාගයෙන් කඩයිම් ලකුණු සමත් වූවන් බිහි වී ඇත. අධ්‍යයන
පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන ප්‍රමාණය අවම කර ගැනීමේ
උත්සාහයක ගුරුමණ්ඩලය නිරත වේ. ඒ සඳහා අමතර පන්ති පැවැත්වීම, කාර්ය පත්‍රිකා, ප්‍රශ්න
පත්‍ර කරවීම, වෙන් වෙන් වශයෙන් සිසු දුර්වලතා හඳුනාගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක
කෙරේ.
ප්‍රදේශයේ පවතින
පෞද්ගලික ආයතනවලින් සුභ පතන්නන්ගෙන් කරන ලද ඉල්ලිම්වලට අනුව සුබවාදී ප්‍රතිචාර
ලැබෙන අවස්ථා තිබේ.එවැනි උපකාර මහත් අස්වැසිල්ලකි.
උදෑසන රැස්වීම්, ශරීර
සුවතා, සති පාසල වැනි ක්‍රියාකාරකම් ක්‍රමවත්ව පැවැත්වීමට හැකියාව ලැබී තිබේ.පාසල
පිළිබදව පවතින සෘණාත්මක ආකල්ප දුරලන අයුරින් දෙමව්පියන්ගේ ද සහය ලබාගෙන දොම්පේ
කොට්ඨාසයේ අභිමානවත් පාසලක් බවට පත් කිරීමට කාර්ය මණ්ඩලය උනන්දු වේ.