පාසලේපසුබිම
ආරම්භය:1870
අදට වසර : 156 කි.
වේල්ගම ග්‍රාමයේ ගැහැනු පිරිමි පාසල් දෙකක් තිබී
ඇත. අද පවතින ස්ථානයට නුදුරින් ස්ථාන දෙකක ඒවා පිහිටා තිබේ.
1939 දී මෙම භූමියේ පාසල ආරම්භ කර ඇත්තේ වේල්ගම
පිරිමි විදුහල නමිනි.
1958 දී මෙම පාසල එවකට අගමැති වූ එස්. ඩබ්.ආර්. ඩී
බණ්ඩාරනායක මැතිතුමාගේ කාලයේ දී ගැහැනු පිරිමි පාසල් දෙක ම එකතුකර මිශ්‍ර පාසලක්
බවට පත්කර ඇත.
2012 වසර තෙක් 1-8 තෙක් පන්ති
පවත්වා ඇත.
ගුරු හිඟය හා ප්‍රවාහන දියුණුව නිසා ක්‍රමයෙන්
අභාවයට ගොස් ඇත.
2013 වසරේ ළමා මිතුරු පාසල් සංකල්පය යටතේ වේල්ගම
කනිෂ්ඨ විද්‍යාලය යන නම වෙනුවට බප/ගම්/සියනෑ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය නමින්
වෙනස් විය. ඊට සමගාමීව 1-5 පන්ති
පමණක් ඉතිරි වන අතර හයෙන් ඉහළ පන්ති ඉවත් කෙරේ.
අවසානයේ ගුරුවරු තිදෙනෙක්, ළමුන් 14
දෙනෙක් පමණක් ඉතිරි විය. බහු ශ්‍රේණි ක්‍රමයට ඉගැන්වීමත් ස්ථිර විදුහල්පතිවරයෙකු
නොමැති වීමත් නිසා පාසල පිළිබඳ විශ්වාසය පහතට ම වැටී ඇත.
2014 වනවිට භික්ෂූන් වහන්සේ නමක් වැඩ බලන විදුහල්පති
වීමත් සමග යම් පිබිදීමක් ඇති වී ඇත.
වසර ගණනාවකට පසු 2020 වසරේ ශ්‍රේණිධාරී
විදුහල්පතිවරයෙකු පැමිණීමත් සමග නැවත පාසල සංවර්ධනය කරා ගමන් කරයි.
අද වන විට සුහුරු පන්ති කාමර 3ක් හා
ප්‍රියජනක පන්ති කාමර හා භෞතික පරිසරයත්, ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් කලාපයෙන්ම
ඉදිරියෙන් පසු වීමත් පාසලේ ඉදිරි ගමනට සුබ ලකුණකි.