ප්‍රාථමික අධ්‍යාපනයේ අරමුණු හා පරමාර්ථයන් අංග සම්පූර්ණ ලෙස ඉටු කර ගන්නා විෂිශ්ට පාසලක් යන දැක්මක් සහිතව කටයුතු කරන අප පාසල ගම්පහ කලාපයේ දොම්පෙ කොට්ඨාසයේ පිහිටා තිබෙන Type 3 පාසලකි.වර්ෂ 1926 යේ ආරම්භ කරන අප පාසල මෙම වසරේ අභිමානයෙන් සියවස සමරමින් සිටියි.01 සිට 05 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති එක බැගින් අප පාසලේ පන්ති පැවැත්වෙන අතර , දරුවන් 97 දෙනෙකු අධ්‍යාපනය හදාරන අතර , ගුරුවරු 06 දෙනෙකු සහ අනධ්‍යන කාර්යය මණ්ඩලයේ 02 කු සේවය කරනු ලබයි.
2025 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් කඩයිම් ලකුණ සමත් ප්‍රතිශතය 56.25%ක ප්‍රතිඵලයක් ලබාගෙන දොම්පෙ කොට්ඨාසයේ ප්‍රථමයා මෙන්ම , ගම්පහ කලාපයේ ප්‍රථමයා ද විය.අප පාසලේ ඉදිරි දැක්ම වනුයේ ගුණ නැණ බෙලෙන් යුතු දරු පිරිසක් බිහි කිරීම මෙන්ම , 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඉහලම සමත් ප්‍රතිශතය වාර්තා කරමින් බස්නාහිර පළාතේ ප්‍රථමයා වීමයි.