ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පෙ අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති මෙම පාසල, ප්‍රදේශයේ දැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම උදෙසා කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන ප්‍රමුඛ පෙළේ බාලිකා පාසලකි.
·
1
වසරේ සිට 13
වසර දක්වා පන්ති පැවැත්වෙන අතර, උසස්
පෙළ කලා
සහ වාණිජ යන විෂය ධාරාවන්ගෙන් සමන්විත වේ.
·
ශිෂ්‍යත්ව
විභාගය, සාමාන්‍ය
පෙළ සහ උසස් පෙළ විභාගවලින් ඉතා ඉහළ ප්‍රතිඵල අත්කර ගන්නා පාසලක් ලෙස මෙය ප්‍රසිද්ධියක්
උසුලයි.
·
අධ්‍යාපනයට
පමණක් නොව ක්‍රීඩා, සෞන්දර්ය,බාලදක්ෂ,පරිසර නියමු ,ශිෂ්‍යභට වැනි විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා ද ශිෂ්‍යාවන්ට පුළුල් අවස්ථාවන් සලසා දී ඇත.
·
ගුණධර්මවලින්
පිරිපුන්, බුද්ධිමත්
සහ විනයගරුක දියණිවරුන් සමාජයට දායාද කිරීම විද්‍යාලයේ මූලික අරමුණයි.
කිරිඳිවැල නගරයට ආසන්නව පිහිටා ඇති මෙම විද්‍යාලය, ප්‍රදේශයේ බාලිකා අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ.