School Cover
School Principal

WP/GM/KOORUWAMULLA M.V

Attanagalla Division Census ID: 1091

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

1884 වර්ෂයේදි අත්තනගල්ල විහාරවාසි වල්පොළ ශ්‍රී චන්ද්‍රසාර හිමිපාණෝ විද්‍යාලයේ ආදි කතෘ වු අතර ළමුන් 5 දෙනෙක්ගෙන් ඇරඹි පාසල වර්තමානයේ ශිල්ප හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 650 කි. මෙය 1905 දි පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ භාරකාරත්වය යටතට පවරා ගැනිනි. එදා සිට 1960 දශකය සම්පුර්ණ වන විට විදුහල්පතිධුර ගණනාවක් යටතේ පැවති මෙම පාසල දන්ත චිකිත්සක ඒකකයක්ද සහිතව මහා විද්‍යාලයක් බවට පත් වුයේ වර්ෂ 1963 දිය. අනතුරුව 1966 දි එවකට අග්‍රමාත්‍ය තනතුර හෙබ වු ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දෙමහල් ගොඩනැගිල්ලක් ද ප්‍රදානය කරන ලදි.

එතැන් සිට විදුහල්පතිධුර ගණනාවක් යටතේ පාලනය වු මෙම විදුහලේ දරුවන්ගේ චාලක ක්‍රියාකාරීත්වයන් වර්ධනයට ඉවහල් වන ක්‍රීඩා භූමියක් ද වෙන් වුනු අතර අනතුරුව ගරු චන්ද්‍රකා කුමාරතුංග මැතිනිය දෙමහල් ගොඩනැගිල්ලකට මුල් ගල තබමින් භෞතික සම්පත් සංවර්ධනය වේගවත් කරන ලදි. මෙලෙස භෞතික හා ගුණාත්මක සංවර්ධනයේ සමතුලනය මත ප්‍රතිඵල ඉහළ නැගිමේ සංඛ්‍යත්මක වර්ධනයක් ද සිදු විය.

1994 න් පසු සා/පෙළ , උ /පෙළ ප්‍රතිඵල වර්ධනයක් ද සමග විෂය බාහිර ජයග්‍රහනයන් ද අත්පත් කර ගැනිමට සමත් වෙමින් ඉදිරිය කරා පා ලදි. එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කල ඔසි ඔබේසේකර මහතා විසින් ක්‍රීඩා පිටියේ පැවැති අඩු පාඩුකම් සම්පුර්ණ කරන ලදි. 1995 වර්ෂයේදි නොවිධිමත් අධ්‍යාපන ඒකකය මගින් විදුලි රැහැන් ඇදිමේ හා ඇදුම් මැසිමේ පාඨමාලා ආරම්භ කරන ලදි. මෙකලම මෙම පාසල මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කිරිමේ දේශපාලන අනුමැතිය ද සාකච්ජා කරන ලදි.

1995 වර්ෂයේදි ම අංග සම්පුර්ණ පුස්තකාලයක් පාසලට ලබා දිය යුතු බවට අවශ්‍ය පියවර ගෙන ඇත. උ/පෙළ විද්‍යා අංශයක් සහිත විෂයධාරාවක් ආරම්භ කිරිමට ද අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණ මහතාගේ මුලිකත්වයෙන් ගොඩනැගිලි සංකිර්ණයකට මුල් ගල තබන ලදි.

2004 වර්ෂයේදි දරුවන්ගේ සාරධර්ම වලට අනුගත ආගමික කටයුතු ඉටු කිරිම සදහා අභිනව බුදු මැදුර ගරු සීලානන්ද ස්වාමින් වහන්සේ විසින් මුල්ගල තබන ලදි.

ඉන් අනතුරුව එනම් 2017 වර්ෂයේ අග භාගයේදි පාසලේ පවත්නා සම්පත් හා පාසල් ප්‍රජාව මාර්ගයෙන් උපරිම ඵලදායි ප්‍රයෝජන හදුනාගනිමින් පාසලේ විශිෂ්ට ව්‍යවහාර වශයෙන් කිරි එළදෙනුන් ඇති කරමින් පෝෂණ හා ආර්ථික අවශ්‍යතා සම්පුර්ණ කර ගැනිමට වත්මන් විදුහල්පතිනිය උත්සාහ දරයි. තව ද පාසලේ 6 – 11 වසර දක්වා සාක්ෂරතාවය අඩු සිසුන් සදහා මුතු අකුරු පංතිය නමින් අභ්‍යන්තර ඉගැන්විම් ඒකකයක් ද ආරම්භ කරන ලදි.

තව ද 2018 වර්ෂයේදි 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන ඒකකයක් ද ආරම්භ කර ඇත. එමගින් සා/පෙළ අසමත් සිසුන් සදහා වෘත්තිය අධ්‍යාපනය ලබා දේ.

සංඛ්‍යාලේඛන (Statistics)

39
Teachers
613
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal PATHIRAJA ARACHCHILAGE CHAMINDA PRABHATH PATHIRAJA
Contact Number 0332278596
Postal Address WP/GM/KOORUWAMULLA M.V.
WATHURUGAMA