උඩතුත්තිරිපිටිය ග්‍රාමයේ අත්තනගල්ල කොට්ඨාසයේ ගම්පහ කලාපයේ බස්නාහිර පළාතට අයත් බප/ගම් ශ්‍රීමත් බාරොන් ජයතිලක විද්‍යාලය අර්ධ නාගරික පරිසරයක සහ පෞරාණික වටිනාකමකින් යුත් වටිනා ග්‍රාමයක පිහිටි පාසලකි. මෙම පාසල ආරම්භක කාලය 1939 වර්ෂය පමණ දැනට තිබෙන තොරතුරු වාර්තා අනුව පැහැදිලි වේ.
පාසලේ පෝෂිත ප්‍රදේශය උඩතුත්තිරිපිටිය ග්‍රාමය වන අතර ආසන්නතම නගරය යක්කල වේ. යක්කල සිට කිරිඳිවැල මාර්ගයේ කිලෝමීටර තුන හමාරක් පමණ දුරිනි මාර්ග අංක 231 ගම්පහ කිරිදිවැල ප්‍රධාන මාර්ගයේ පාරට මුහුණ ලා මෙම විද්‍යාලය පිහිටා ඇත.