වර්ෂ 1973 ක් වූ ඔක්තොම්බර් මස 02 වැනි දින දිවංගත ඊ. එම්. එස්. ද සේරම් මහතා විසින් එතුමාට අයත් දකුණු අළුත්කුරු කෝරළයේ, රයිගම් පත්තුවේ, බොල්ලත ග්‍රාමයේ, අක්කර 05 ක් විශාල වූ ඉඩම රජය වෙනුවෙන් ගම්පහ උපදිසාපති තැම්පත් කහඳගමගේ ආරියදාස මහතා ප්‍රධාන කරනු ලදුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් එවකට වැඩබලන විදුහල්පති ධූරය හෙබවූ ජිනදාස හරිස්චන්ද්‍ර මහතා භාරදෙන ලදී.
1979/01/08 වන දින බොල්ලත ශ්‍රි හෘදය දේවස්ථානය භූමියේ, කොළඹ උතුර රෝමාණු කතෝලික මහා විදුහල නමින් පවත්වාගෙන ගිය විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි නව ගොඩනැගිලි වලට සම්ප්‍රාප්තිය සිදුවී ඇති අතර විදුහලේ නාමය බොල්ලත ධර්මපාල මහා වීදුහල නමින් වෙනස් වී ඇත. එවකට
1979 වර්ෂය වන
විට ශිෂ්‍ය සංඛ්‍යාව
107 ක් පමණද ගුරු මණ්ඩලය 12.5 දෙනෙකුගෙන්ද සමන්විත ව් ඇත.
1979
වර්ෂයේ විදුහල්පති ධූරයේ එස්. ඒ. ඩී .ජයවර්ධන මහතා කටයුතු කර ඇත පසු කාලීනව ප්‍රාථමික අංශයද මෙම භූමියට රැගෙන ඒමට එවකට කොට්ඨාශ අධ්‍යක්ෂක ධූරය දැරෑ ජයරත්න මහතා විශාල පරීශ්‍රමයක් දරා ඇත
වර්තමානයේ බස්නාහිර පළාතේ, ගම්පහ අධ්‍යාපන කලාපයේ, ගම්පහ කොට්ඨාශයේ, බොල්ලත උතුර, 209/C, ග්‍රාමසේවා වසමේ බප/ගම්/බොල්ලත ධර්මපාල විදුහල නමින් සිසු දරුවන්ගේ නැණ පහන් කිරීමේ උතුම් කාර්යයට දායක වී ඇත.