School Cover
School Principal

බප/ගම්/දොම්පෙ මහා විද්‍යාලය

Dompe Division Census ID: 1236

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

1901 දොම්පෙ ශ්‍රී ශෛල චෛත්‍යාරාමයට අයත් භූමි භාගයක මෙම විද්‍යාලය ආරම්භ විය.‍9බෞද්ධ සම‍9යෝදය ස්වභාෂා පිරිමි පාඨශාලාව නමින් හැඳින්වූ මෙම විද්‍යාලය මැයි 01 දින රජයට පවරා ගනු ලැබීය.1925 සැප්තැම්බර් මස 14 දින දොම්පෙ ගනේගොඩ නව ගොඩනැගිල්ලට මෙම පාඨශාලාව ගෙන යන ලදී.1959 ජනවාරි මස 05 වන දා සිට ‍දොම්පෙ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මිශ්‍ර පාඨශාලාව මහා විද්‍යාලයක් බවට උසස් කරන ලදී.වර්තමානය වන විට නාගරික පරිසරයක පිහිටි සංවර්ධනය වෙමින් පවතින පාසලක් ලෙස දොම්පෙ මහා විද්‍යාලය හැඳින්විය හැක.6-11 සමාන්තර පංති 3 බැගින් පවතින අතර 2024 වසරේ නර්තන අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ඇත.ක්‍රීඩා තරඟ වලින් මෙන්ම විෂයානුබද්ධ තරඟ ජයග්‍රහණය කළ සිසුහු විද්‍යාලීය අභිමානය තවත් ඔප්නංවයි.වර්තමාන විදුහල්පති ආර්.පී.සී.ජේ.රාජපක්ෂ මයා කටයුතු කරයි.අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය 42 සේවය කරයි.

සංඛ්‍යාලේඛන (Statistics)

35
Teachers
708
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal ආර්.පී.සී.ජේ.කේ.රාජපක්ෂ මයා
Contact Number 0112536900
Postal Address බප/ගම්/දොම්පෙ මහා විද්‍යාලය,ගනේගොඩ,දොම්පෙ