වර්ෂ 1960..09.01 දින "සියනෑ ප්‍රාථමික පාසල" නමින් නම් කරමින් මෙම පාසල ආරම්භ වී ඇත්තේ ආසන්නයේ පිහිටි සියනෑ මහා විද්‍යාලයේ පෝෂක ප්‍රාථමික පාසල ලෙස මෙම පාසල ඇරඹුණු නිසාය.දරුවන්12 දෙනෙකුගෙන් ආරම්භ වූ මේ පාසල මේ අවධියේ පැවත ඇත්තේ ඉද්දමල් දෙනිය ගමෙහි පැවතිි "බාලාබි වෘද්ධි සාධක සමිතිය" භාරයේය.ගම්වාසීන් විසින් එක්ව සිය ශ්‍රමයෙන් තනා නිම කරන ලද පොල් අතු සෙවිලි කළ එකම ගොඩනැගිල්ල පමණක් පාසල සතු වූ අතරපසුව පාසල රජයට පවරා ගැනීමෙන් පසු වෙනත් භෞතික සම්පත් පාසල වෙත සපයා ඇති අතර 1964.01.06 දින පශ්චාත් ප්‍රාථමික පංති ආරම්භ කර ඇත.
මෙලෙස ඇරඹී කෙමෙන් කෙමෙන් සංවර්ධනය වී අද බප/ ගම්/ ඉද්දමල්දෙණිය සිද්ධාර්ථ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නමින් හඳුන්වනු ලබන මෙම පාසලේ සිසු දරුවන් 284 දෙනෙකු සඳහා අධ්‍යාපනය ලබාදීමට විදුහල්පතිනිය ඇතුළු ගුරුභවතුන් එකොළොස් දෙනෙකු සේවය කරනු ලබයි.